කුඹල් පෙරහැරේ අලි කුලප්පුව නම් මෙලෝ රහක් නැහැ. කොහොමත් පෙරහැර බලන්න ඔච්චර පොදිකාගෙන ගියාට ගෙදර ඉඳන් සිංදුවක් ඇහුව නම් හොඳයි කියන තැන තමයි මම කවදත් හිටියේ. සිංදුවක් කිව්වට රොක් එකක්.
අර අලියගෙන් වැටෙන එකා ගත්තම දුක හිතෙනවා. සරමක් ඇඳගෙන. ඒ සරම කඩාගෙන වැටෙනවා. දුවගන්නත් බැහැ. සෑහෙන උඩක ඉඳන් අලියාගේ පිටින් තාර පාරට දෙරි ගහනවා. ඔළුව වැදුනානම් මැරෙනවා. සේෆ්ටි (safety) කියල මුකුත් නැහැ. ඉන්ෂුවරන්ස් කියල දෙයකුත් නැහැ. මරුනනම් දළදා මාළිගාවෙන් කියල ලැබෙන දෙයකුත් නැති වෙයි.
ෆේස්බුක්, යු ටියුබ්, ලීක් වීඩියෝ, සෙක්ස් චැට් වගේ විනෝදාංශ සෑහෙන්න තියන මේ වෙලාවේ මොනවට යනවද මන්ද දරු මල්ලොත් වඩාගෙන.
අනික ඔය අලිය වෙනුවට ලොරියක් වගේ දෙයක් ලස්සනට සරසලා ගන්න පුළුවන්. ලේලන්ඩ් ලොරිත් දැන් තියනවා ටස්කර් කියල (දළ ඇතා). අලියට වඩා වේගයෙන්, ඊට වඩා බරක්, ඊට වඩා වෙලාවක් අරන් යන්නත් පුළුවන්. ඒ වගේ ලොරියක් සරසන්න පුළුවන් ඇතෙක් වගේ (ඇතෙක්ම ඕනිනම්).
ලෝකේ කොච්චර ලස්සනට සරසපු වාහන තියනවද? ආරක්ෂාවත් හොඳයි. කාර්යක්ෂමතාවත් හොඳයි. පාලනය කරන්නත් පුළුවන්. මිළත් අඩුයි.
විශේෂයෙන් සත්ව හිංසන ප්‍රශ්නයක් ගැන කතාවක් තියන මේ වෙලාවේ හොඳම දේ ඔය අලි ඇත්තුන්ට කැලේ ඉන්න කියල ඒවාට ගැළපෙන ලස්සන ආදේශක (substitute) හොයන එක. මොකද අලි මෙල්ල කරන්න හරි, හීලෑ කරන්න හරි කියල දෙන වදවේදනා බලන්න බැරිතරම් අමානුශිකයි.
ආරක්ෂාව ගැන හිතල ඔය ඇඳුම් ගොඩක් වෙනස් වෙනවා නම් හොඳයි. සම්ප්‍රදායත් රැකගෙන ආරක්ෂාව ගැන හිතන්නත් ඕනි.
අනික තමයි නුවර වීදි පළල් නැහැ මේ වගේ ලොකු පෙරහැරක් තියන්න. දුවන්නවත් ඉඩක් නැහැ හැම තැනින්ම හිරවෙලා. පටු වෙලා.
පෙරහැර විචිත්‍රවත් විදියට තියන්න පුළුවන්, ලොකු ඉඩක් තියන වේදිකාවක් හදන්න පුළුවන්, ලොකු භූමිභාගයක් වෙත දළදා මාලිගාව විතැන් කරන්න දැන් කාලේ හරි.
දළදාව කියන්නේ එක තැනක තිබ්බ දෙයක් නෙවෙයි. කාලෙන් කාලෙට එක් එක් අවශ්‍යතා එක්ක වෙනස් වෙනස් තැන් වෙත ගමන් කරපු එකක්. ඒකෙ දියුණුවට සහ ආරක්ෂාවට බලපෑවේ තැනින් තැනට මාරු වෙච්චි එක. එකම තැනක තිබ්බ එක නෙවෙයි.
හැම දෙයක්ම අනිත්‍යයි. හැම දෙයක්ම අකාලිකයි.
දැන්වත් වෙනස් වෙමු. අලුත් විදියට හිතමු. බුදුන් කියන්නෙම වෙනස් විදියට හිතපු කෙනෙක්ට.
~ මහේෂ් හපුගොඩ
RN