අවසන් රන්දෝලී පෙරහැරේදී අලි-ඇතුන්ට මහත්‌ ගෞරවයක් ලැබෙද්දී, නිකිනි පෝ දින තඹුත්තේගම ගැමුණුපුරදී සද්ධන්ත වන අලියෙක් ජීවිතක්ෂයට!

Date:

තිසර සමල්

අනුරාධපුර (LNW): තඹුත්තේගම පොලිස් වසමේ, ගල්විහාරය ගම්මානයේ, ගැමුණුපුර ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක් තුළ මිය ගොස් සිටිවන අලියකුගේ මළ සිරුරක් අද (30)  උදෑසන සොයා ගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 30-35 ක් පමණ වන, සද්ධන්ත පිරිමි වන අලියකු බවයි තඹුත්තේගම වනජීවී කාර්යාල නිළධාරීන් පවසා සිටියේ.

මෙම වන අලියා ගැමුණුපුර ගම්මානයට යාබදව පිහිටි ගල්විහාර පුදබිමේ රක්ෂිතයේ මායිමට වන්නට  ජීවිතක්ෂයට සිටි අතර, අද (30) අලුයම මෙම වන අලියා මෙම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැක කරන බව වනජීවි නිළධාරීන් පැවසීය.

ජීවිතක්ෂයට පත් වන අලියාගේ දේහයේ වෙඩි සලකුණක් හෝ විදුලි සැර වැදීමක සලකුණක් දක්නට නොතිබූ අතර,  මුඛයෙන් හා ගුද මාර්ගයෙන් ලේ වහනය වීමක් සිදු වන අයුරු නිරීක්ෂණය වන බවත් ඒ අනුව යම්කිසි රෝගයකින් හෝ යම්කිසි විෂ සහිත කෑමක් ආහාරයට ගැනීමෙන් මෙම වන අලියා මිය යන්නට ඇතැයි සැක කරන බවද වන ජීවි නිළධාරීන් පැවසීය.වන අලියා මිය යන්නට නිශ්චිත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම වන ජීවි කාර්යාල නිළධාරීන් හා තඹුත්තේගම පොලිස් ස්ථාන නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ජීවිතක්ෂයට පත් වන අලියා දැක ගැනීමට බාල-මහලු බොහෝ දෙනෙකු එම ස්ථානයට පැමිණෙන අයුරුද එහි ගිය අපට දැක ගත හැකි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...