මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්

0
271

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්  ක්‍රියාත්මක බව පොලීසිය පවසන අතර,  අද (31) දහවල් 11.59ට පෙරහැර ඝණදෙවි කෝවිලෙන් පිටත්ව කටුකැලේ වීථිය, දළදා වීථිය, කොටුගොඩැල්ල වීථිය, කන්දේ වීථිය එස්සේ ඩී.එස්. සේනානායක වීථිය මංසන්ධියට පැමිණ දහවල්  1.16ට ගෙඩිගේ විහාරයෙන් පිටත් වේ.

ඉන්පසු ඩී.එස්. සේනානායක වීථිය, පන්සල පාර ඔස්සේ දේව වීථියෙන් රජ වීථියට හැරී මාළිගාවට ගෙවැදීමට නියමිතව ඇති අතර,දහවල් පෙරහැර වෙනුවෙන් වාහන ගමන් කළ යුතු මාර්ග හා විකල්ප මාර්ගයන් පහතින් දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??