ජොහැන්නස්බර්ග්හි මහල් නිවාසයක ඇති වූ ගින්නක් හේතුවෙන් 73 දෙනෙකු මරුට

0
198

මධ්‍යම ජොහැන්නස්බර්ග්හි මහල් නිවාස පහකින් යුත් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 73 දෙනෙකු මියගොස් 54දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවට තොරතුරු වාර්තා වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගිනි නිවන භටයින් විසින් ගොඩනැගිල්ලෙන් කිහිප දෙනෙකු ඉවත් කර ඇති අතර තුවාල ලැබූවන් එම ස්ථානයේදීම ප්‍රතිකාර කර හෝ රෝහල් වෙත යොමුකර ඇත.

මිය ගිය බොහෝ දෙනෙක් සංක්‍රමණිකයන් ලෙස හදුනාගෙන ඇති අතර මෙම ගොඩනැගිල ලේඛනගත නොවන සංක්‍රමණිකයන් විසින් අත්පත් කරගෙන තිබේ. හදිසි සේවා ප්‍රකාශක Robert Mulaudzi පවසන්නේ, මෙම ගොඩනැගිල්ල කලක පටන් අවිධිමත් ජනාවාසයක් ලෙස භාවිතා කර ඇති බවයි.

සශිකලා මධුෂාණි-outboundtoday