රැවටෙන්න එපා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ව්‍යාපාරිකයින් ඉලක්ක කර සංවිධාන කරනු ලබන “සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක්” යන වැඩසටහනේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා කියා සිටියේ, ව්‍යාපාරිකයින් විසින් වාහනහිමියන් රවටමින් විවිධ බාල නිෂ්පාදන අලෙවි කරන බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා තවදුරටත් කියසිටියේ,

ජනතාවගෙන් සෑම කෙනෙක්ම වගේ මෝටර් රථයක් හෝ යතුරුපැදියක් භාවිත කරනවා. මෙවට භාවිත කරන ලිහිසි තෙල් හෝ ග්‍රීස් වර්ග පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත්භාවයක් නැහැ. ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් මෑතකදී නිකුත් කරනු ලැබුවා.”

ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව පාවිච්චි කරන ලබන ලිහිසි තෙල් නැවත වතාවක් පිරිපහදු කරලා වෙළෙඳපොළේ විකිණීමට තියෙනවා. ඒ වගේම ග්‍රීස්වලට පිටි මිශ්‍ර කරලා නිෂ්පාදනය කරලා වෙළෙඳපොළේ විකිණීමට තියෙනවා. මේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ දැනුවත් නැහැ. මේ වගේ කාරණා ගණනාවක් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැනුවත් වෙන්න තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනවා.” යනුවෙන් ඒ මහත කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...