දේශීය ආදායම් පනත් කෙටුම්පත අද සහ හෙට විවාදයට

Date:

දේශීය ආදායම් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන කෙටුම්පත අද (06) සහ හෙට (07) පස්වරුවේ විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත.

ඒ අනුව අද සහ හෙට යන දින දෙකෙහි පස්වරු 04.30 සිට 07.30 දක්වා මෙම පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය පැවැත්වෙනු ඇති අතර හෙට පස්වරු 07.30 ට ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW: ඊයේ (06) අත්අඩංගුවට ගෙන...

ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් ! (LIVE)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට මඳ වේලාවකට පෙර...