මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කිරීම සහ රසපරීක්ෂක වාර්තා ප්‍රමාදය ගැන පාර්ලිමේන්තු කමිටුවේ අවධානය

Date:

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කිරීමේ වර්තමාන කටයුතු පිළිබඳව ‘රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ සාකච්ඡා වී තිබේ.

ඒ, එම කාරක සභාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය.

මෙම කාරක සභාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තැපැල් දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අතර මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මෙම අංශ ගෙන ඇති පියවර පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණි.

මෙහි දී මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා පත්කොට ඇති ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා කමිටුව අමතමින් සඳහන් කළේ මත් ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් කල්පිටිය ප්‍රදේශයේ ඉදිකරන බවත් මේ සඳහා ජලය, විදුලිය සහ මාර්ග පහසුකම් ලබාගැනීමට මෙම කමිටුව මැදිහත් වන්නේ නම් මෙම වසර අවසානයේ මෙම මධ්‍යස්ථානය සකස් කොට අවසන් කළ හැකි බවයි.

මේ අනුව මේ සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව කාරක සභාවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේය.

එසේම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම පිළිබඳව ද මෙහි දී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විමසා සිටි අතර නිලධාරීන් සඳහන් කළේ පසුගිය කාලයේ මේ සඳහා මාස 9 පමණ කාලයක් ගත වූ අතර වර්තමානයේ මාස 3 පමණ කාලයක් ගත වන බවයි. නිලධාරීන්ගේ හිගය මේ සඳහා බලපා ඇති බවත් ඒ අනුව අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.

තව ද ඊසි කෑෂ් (ez cash) මගින් සිදු වන මුදල් ගනුදෙනු මගින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සිදු වන බවත් මේ වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහි දී සාකච්ඡා කර ඇත.

එසේම මත් ද්‍රව්‍ය පාලනය කිරීමේ කටයුතත්තට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ද සහාය ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කළේ ය.

තව ද තැපැල් මාර්ගයෙන් මත් ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව, පාසැල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ මුහුදු මාර්ග හරහා මත් ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහි දී සාකච්ඡා කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...