නියඟයෙන් වූ හානි තක්සේරු කරයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ඇස්තමේන්තුවට අනුව, නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 66,234කට අධික ප්‍රමාණයකට හානිවී තිබෙන බවත්, ඉන් ගොවීන් හැට හත්දහස් හාරසිය අට ( 67408) දෙනෙකු පීඩාවට පත්ව ඇත.

ඉන් වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය අක්කර දහසය දහස් නවසිය අනුදෙකකට අධික බවයි පැවසෙන්නේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කළේ , උඩවලව ප්‍රදේශයෙන් අක්කර දාහතර දහස් අටසිය දහයකට අධික ප්‍රමාණයක් නියඟය හේතුවෙන් විනාශ වී ඇති අතර , නියඟය, වර්ෂාව හා සේනා දළඹු හානිය ආශ්‍රිතව ගොවීන්ට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි.

නියඟය නිසා සිදු වූ වගා හානි තක්සේරු කිරීම අවසන් කර ඇති අතර, වර්ෂාව නිසා සිදු වූ වගා හානි සම්බන්ධව දැනට තක්සේරු කිරීම සිදු කෙරෙන බව සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

එම කටයුතු අවසන් වූ වහාම සම්පූර්ණ වගා හානි තක්සේරු කිරීමේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දීමට පියවර ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...