පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම්වරයා සහ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් නීතීඥ චමින්ද කුලරත්න මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් ඊයේ (15) දිනයේදී මෙම පත්කිරීම සිදුකර ඇත.
චමින්ද කුලරත්න මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිරේක ලේකම්වරයකු ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම්වරයකු, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයකු යනාදී වශයෙන් ඉහළ තනතුරු රැසක කටයුතු කර ඇති අතර ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇත.
RN