CEB ඉල්ලීම ඉවතට.විදුලි කප්පාදුවකට ඉඩක් නැහැ – PUCSL (VIDEO)

Date:

පසුගිය සතියේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටින ලද දීර්ඝ කාලීන විදුලි කප්පාදුවට අවසර නොදුන් බවට මහජන උපයෝගීතා කොමිසම අද (15) නිවේදනය කළේය.

එහි සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පැවසුවේ පවතින දත්ත අනුව එම විදුලි කප්පාදුවට නොගොස් තත්ත්වය කළමනාකරණය කරගත හැකි බවයි.

ඒ අනුව ප්‍රධාන වශයෙන් ඉදිරි වර්ෂාව ලැබෙන තෙක් ජල විදුලිය නිෂ්පාදනය 50%කින් අඩු කිරීමට උපදෙස් දී තිබේ.

කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබුණේ පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන තුළ විදුලි කප්පාදුවකට අවසර ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා (12) ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ ආයතනයේ නිලධාරීන් සමඟ මහජන උපයෝගීතා කොමිසම සාකච්ජාවක් පැවැත්වූ අතර එම තීන්දුවයි අද ප්‍රකාශයට පත් කෙරුණේ.

තවදුරටත් විදුලි පරිභෝජනය කළමනාකරණය සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙතත්,සාමාන්‍ය පාරිභෝගික ජනතාව වෙතත් තවත් නිර්දේශ ලබා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...