පාපැදියෙන් එන රාජ්‍ය සේවකයන්ට තෑගි !

Date:

ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව පාපැදි භාවිතා කර සේවයට පැමිණෙන රාජ්‍ය සේවකයන් අගය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවයි අමරවීර මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් සඳහන් කළේ.

මේ වනවිටත් රාජ්‍ය නිළධාරීන් සැළකිය යුතු පිරිසක් සේවයට පැමිණීම සඳහා පාපැදි භාවිතා කරන බව පෙන්වා දෙන පරිසර ඇමතිවරයා පවසන්නේ එය ඇගයීමට ලක්විය යුතු බවයි.

ඇතැම් බටහිර රටවල පාපැදි භාවිතය අලුත් දෙයක් නොවන බවත්, එය ශ්‍රී ලංකාව තුළද ප්‍රචලිත කළ හැකි බවත් ඔහු සඳහන් කරනවා. ඉදිරියේදී මැති ඇමතිවරුන්ටද පාපැදි භාවිතා කිරීමට සිදුවිය හැකි බවද ඇමතිවරයා පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...