විදුලි ඉංජිනේරුවන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා මෙගාවොට් 40 ක් ජාතික පද්ධතියට අහිමි වෙනවා – දයාසිරි

Date:

පුනර්ජනනීය බලශක්තිය හරහා නිපදවන මෙගාවොට් 40 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු නොවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඇතැම් විදුලි ඉංජිනේරුවරුන්ද වගකිව යුතු බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

බරපතල විදුලි අර්බුදයකට රට මුහුණ දී සිටින අවස්ථාවක මෙගාවොට් 40 ක් යනු සැළකිය යුතු ධාරිතාවයක් බවත් සූර්ය බලයෙන් නිපදවන මෙම විදුලි ධාරිතාවය ජාතික පද්ධතියට සම්බන්ධ කරන්නේ නම් එය විදුලි අර්බුදයට යම් විසඳුමක් වනු ඇති බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා.

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ජනාධිපතිවරයා පවා උපදෙස් ලබා දී තිබියදී විදුලිබල මණ්ඩලයේ පවතින නිළධාරීවාදය හා අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් තවමත් අධික පිරිවැයක් සහිත විදුලි ප්‍රභවයන් භාවිතා කිරීමට සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කරනවා. පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් කතා කිරීම පවා කණගාටුදායක වන බවද ඔහු පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...