ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට අද ශ්‍රී ලංකාව පිවිසීමට නියමිතයි

Date:

මෙවර ආසියානු ක්‍රිඩා උළෙලේ පළමු පදක්කම ගැන සිහින දකින්නට පාර කපමින් ශ්‍රී ලංකාව පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින් කාන්තා අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.චීනය ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රිකට් පවතින රටක් නොවන අතර ඒ නිසාම ලකුණු වැඩිපුර ගැවසෙන බවක් එම තණතීරුවල දකින්නට නැත.ලකුණු යනු දුලබ වස්තුවක් බව පෙනෙන්නට ඇති තත්ත්වයක පළමු ජයග්‍රහණයේදී තායිලන්තයට එරෙහිව ඉනෝෂි ප්‍රනාන්දු මෙන්ම මේ තරගයේදී පකිස්තානයට එරෙහිව උදේශිකා ප්‍රබෝධනී ද කඩුලු දඩයමට ජයට දායක විය.

උදේශිකා ලකුණු 21 ට කඩුලු 3 ක් ලැබූ අතර විශේෂම සිදුවීම වූයේ පන්දු ඕවර් 15 ට සීමා වූ තරගයක තායිලන්තය ලකුණු 78 ක් ලැබුව ද,පකිස්තානය පන්දු ඕවර් 20 තුළ කඩුලු 9 ට ලකුණු 75 ක ට සීමා කරන්නට හැකිවීමය.ශවාල් ෂුල්ෆිකාර් පකිස්තානු ඉණිමේ වැඩිම ලකුණුලාභිණිය වූ අතර ඇය ලකුණු 16 ක් ලැබුවාය.පිළිතුරු ශ්‍රී ලංකා ඉණිම පකිස්තානය සමඟ කල්පනාකාරීව ජයග්‍රහණය කරා යා යුතු එකක් විය.ඒ පිටියේ ස්වභාවය අනුව පකිස්තානය වැනි සම දස්කම් ඇති කන්ඩායමක් ලකුණු 75 ට සීමා වීම පකිස්තානයේ ප්‍රබල පන්දු යැවීම ඉදිරියේ ශ්‍රී ලංකාවට ද යම් අභියෝගයක් විය හැකි අවදානමක් වීමට ඉඩක් තිබුණ බැවින්ය.

ඒ තත්ත්වය ඉදිරියේ ලකුණු ලැබීමේ අසීරුකම සමඟ ගැටෙමින් ආරම්භක කඩුල්ලට ලකුණු 17 ක් එක් වෙද්දී චමරි අතපත්තුගේ කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමි වන්නේ චමරිගේ නමට ලකුණු 14 ක් එක්ව තිබියදී හතරවන පන්දු ඕවරයේ අවසාන පන්දුවේදී ය.ඒ වන විට ඇය තරගයේ ගෙවුණු පන්දු 24 න් පන්දු 19 ටම මුහුණ දි තිබුණාය.එතැන් සිට පිටියට එක් වූ හර්ෂිතා සමරවික්‍රම මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසයේ පිතිකාරිණිය බව යළිත් තහවුරු කරමින් ලකුණු 15 අනුෂ්කා සංජීවනී සහ විශ්මි ගුණරත්න ලකුණු නොලබා ද පිටියෙන් ඉවත්වීමෙන් පසුව ඇති වූ හිස්කම මකමින් තරගය ශ්‍රී ලංකාව දෙසට නැඹුරු කිරීමේ වගකීමට උර දුන්නාය.ඇය ලකුණු 17 දී පිටියට පිවිස ලකුණු 70 දී දුවද්දී දැවී යන විට ශ්‍රී ලංකා ඉණිමට ලකුණු 23 ක් එක් කර තිබිණ.එසේම නොදැවී ලකුණු 18 ක් රැස් කළ නිලක්ෂි ද සිල්වා සමඟ ලකුණු 35 ක් සිව්වන කඩුල්ලට එක් කරන්නට දායක වී සිටියාය.තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසෙන්නට හැතියාව ඇත.අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30 ට රන් පදක්කම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ තරග වදින අතර මෙවර ක්‍රිඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනන පළමු පදක්කම ඒ අනුව අද දිනයේ තීරණය වනු ඇත.සටහනට එක් කළ ඇති ඡායාරූපයේ ඇත්තේ උදේහිකා ප්‍රබෝධනී ය.https://www.espncricinfo.com/series/asian-games-women-s-cricket-competition-2023-1398686/pakistan-women-vs-sri-lanka-women-2nd-semi-final-1399060/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...