අද (27) ලෝක සංචාරක දිනයයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෝක සංචාරක දිනය (27) අදයි. සංචාරක කර්මාන්තය හා තිරසාර ආයෝජනය යන්න මෙවර තේමාවයි. අප රට සංචාරක පරාදීසයක් වන්නේ අද ඊයේ නොවේ. එය ඉතා ඈතකට ව්හිද යන්නකි.

ශ්‍රී ලංකාවේ මනස්කාන්ත මුහුදු තීරය සහ ස්වභාව සෞන්දර්ය, සංස්කෘතිය හා අතීත පෞඪත්වය දැක විඳගනු වස් ලොව රටවල් රැසකින් මෙරටට සංචාරකයින් වසර පුරා අඛණ්ඩව පැමිණෙන අතර , අප රටටම විශේෂ වූ ආගන්තුක සත්කාර කෙරෙහි සහ අපටම අවේණික වූ සිංහල ආහාර පාන රස විදීමටද විදේශිකයින් දක්වන්නේ මහස් කැමැත්තකි.

නමුත් පසුගිය වසර දෙක පුරා කොරෝනා වසංගතයත් ඉන් පසුව එළැඹි දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයත් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට කණ කොකා හඬලන්නට විය.

රටේ ආර්ථිකය කඩා වැටීමට මෙය දැඩිව බලපෑ අතර, ආර්තීක අර්බුධය හමුවේ හෝටල් වැසී යාම සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන් රැසකට රැකියා අහිමි වීම වැනි විශාල ගැටලු ගනණාවකට මුහුණ දෙන්නට සිදුවිය.

නමුත් 2023 වසර මුල සිට යළිත් මෙරට සංචාරක කර්මාන්තයට සුබ කාලයක් පැමිණ ඇති බව දක්නට ලැබුණු අතර එහි වර්ධනයක් දැකිය හැකි විය.

මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යාමට ඊයේ (26) දිනයේ සමත් වූ අතර එයින්, යළිත් වරක් සංචාරක ක්රමාන්තය යහපත් වී ඇති බව පිළිඹිබු වේ.

මැදපෙරදිග රටවල්වලින් මෙන්ම ස්පාඤ්ඤය,නෙදර්ලන්තය, බෙලරූස්, ඊශ්‍රායලය ආදී රටවල් රැසකින් මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවත් , ඒ සඳහා පහසුකම් සැපයීමට විශේෂ වැඩසටහන් සකස් කර ඇති බවත් , සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සංචාරක කර්මාන්තය වර්ධනය වීම යනු රටේ ප්‍රධාන ගැටලුව වන ඩොලර් ගැටලුවට විසඳුම් ලැබීමයි. රටේ ප්‍රධාන ආර්ථික මරමස්ථානයක් වන සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කිරීමෙන් විසඳුම් සෙවීමට අපහසු ආර්ථික ගැටලු වඩාත් ඵලදායී සහ සාර්ථක අයුරින් විසඳා ගනීමට හැකිවනු ඇත.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...