නිදහස් වූ ධනුෂ්ක මාධ්‍යට කියූ දේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දින 326 කට පසු ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ අතර , සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණි ධනුෂ්ක ගුණතිලක මුල්වරට මාධ්‍ය ඉදිරියේ තම අදහස් පළ කළේය.

“මට තවත් කිවයුතු වැඩි දෙයක් නැහැ. විනිසුරුවරිගේ තීන්දුවෙන් සියලුදේ කියවුණා කියා මා හිතනවා. මගේ මේ දුෂ්කර කාලයේදි මට සහයෝග දැක්වු සියලුදෙනාට මේ අවස්ථාවේ ස්තූති කරන්න කැමතියි. පසුගිය මාස 11 ක පමණ කාලය මට අතිශයින්ම දුෂ්කර කාලයක් වුණා. විශේෂයෙන් මගේ නීතිඥයින්ට ඇත්තෙන්ම නීතිඥ මුරුගන් තංගරාජ් අද මෙහි පැමිණ නැතත් ඔහු සහ අනෙකුත් නීතිඥයින්ට බොහොම ස්තූතියි. මගේ කළමනාකරු, එලීන් සහ මගේ දෙමාපියන් සහ ශ්‍රී ලංකාවේ තවත් කිහිපදෙනෙක් , ඔවුන් සියල්ලන් මාව විශ්වාස කළා. එය මට ලොකු ධෛර්යක් වුණා. ඉතිං අවසානයේ විනිසුරුවරිය නිවැරදි තීරණයකට පැමිණියා. මා කිව් පරිදි ඒ තීන්දුවෙන් සියල්ල කියවෙනවා. මගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම ඇත්තෙන්ම සතුටුයි. මට නැවතත් ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන තුරු නොඉවසිල්ලෙන් ඉන්නේ.”

ලෙස වසරකට ආසන්න කාලයක් හිතේ හිරකරගත් දේ කෙටියෙන් කියා අවසන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අද දිනයේ සලකාබලනු ඇති බව වාර්තා වෙයි.  

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...