සජිත්ගේ “සක්වල” වැඩසටහනෙන් 79 වැනි බස් රථය අක්කරේපත්තුව ශ්‍රී රාම ක්‍රිෂ්ණන් විද්‍යාලයට

Date:

දැයේ දුවාදරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටිවීමේ අරමුණින් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “සක්වල” වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් අක්කරේපත්තුව ශ්‍රී රාම ක්‍රිෂ්ණන් විද්‍යාලයට ලබාදී තිබේ.

විපක්ෂ නායකවරයාගේ සහභාගීත්වයෙන් පෙරේදා (28) දිනයේදී මෙම බස් රථය පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

මේ වන විට සක්වල බස්රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 79ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3950 ක මුදලක් වැය වී තිබේ. එසේම පාසල් 33කට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යට⁣තේ රුපියල් ලක්ෂ 290ක සුහුරු පන්ති කාමර උපකරණ සහ හුස්ම වැඩසටහන යටතේ රජයෙ රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ සහ ඖෂධ ලබා දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...