සෞඛ්‍ය ටෙන්ඩර රිංගන්නේ හිල් වලින් විතරමයි – රවී කුමුදේශ්

Date:

සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලේ ආර්ථික දර්ශක මනින නියමු ව්‍යාපෘතියක් බවට පත්කර හෝ මුදල් විනාශය නවත්වන්න. සෞඛ්‍ය සේවයේ සාමාන්‍ය මිලදී ගැනීම් වෙණුවට හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට පාර කපා ගැනීම කලක සිට සම්ප්‍රදායක් ලෙස භාවිත කර ඇති බව ඉතා පැහැදිළිය. එය වලක්වා ගැනීමෙන් විශාල ඉතිරියක් සිදු කල හැකි බව ප්‍රත්‍යක්ෂ වූ සත්‍යක් වුවද, ඒ සඳහා මේ වන තුරු කිසිදු අවධානයක් මේ වන තෙක් සිදු වී නොමැත.

ටෙන්ඩර අවලංගු කිරීම, ටෙන්ඩර වල වැරදි සොයා ගැනීම, හිටි හැටියේ එම වැරදි නිවැරදි වීම හරහාද, ප්‍රසම්පාදන නීතී, හිතෛෂීන්ට අවශ්‍ය පරිදි මෙහෙයවා ගැනීමට ඇතැම් නිළධාරීන් කටයුතු කරන බවද තහවුරු වන කරුණකි. ප්‍රසම්පාදන නීතිය අනූව ලංසු තැබීමේ ක්‍රියාවලිය සිදු නොවූ බව හා ප්‍රසම්පාදන වැරදි හේතුවෙන් අත් හිටුවිය යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම තීරණය කරන ලද ඇතැම් සමාගම් සඳහාම මිල දී ගැනීමේ නියෝග ලබා දීම හරහා සමාගම්වලට කිසියම් බාධාවක් කර, ඒ හරහා ඇතිවන ක්‍රියාවලියකදී සමතයකට පත් වන ගණුදෙණුවක් සිදුවන බව ඉතා පැහැදිළිව අනුමාන කල හැකිව තිබේ.

මේ වන විට එම තත්වයන් සියල්ල පරයා යමින්, කලින් ඇතිවූ අතිශය හදිසි අවස්ථාවක සිදු කල ගණුදෙණුවක් උත්තේජනය (Enhancement) කරමින්, වැඩි මිලට ඇණවුම් කිරීම අලුත්ම විලාසිතාව වී තිබේ.

රටේ ආර්ථික අර්බුධය අවම කිරීම අත්‍යාවශ්‍යයෙන්ම අනුගමනය කල යුතු භාවිතාවන් සැලකීමේදීද සෞඛ්‍ය අමාත්‍යාංශ, ඊට ඉඳුරාම පටහැනි ලෙස කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

තීරණ ගැනීමේ නවීණත්වය, කළමණාකරණ සහ අක්‍රමිකවත් මුල්‍ය පරිපාලන ගුණාතමක බව, පිළිබඳ දර්ශක අසමත් වීම නිසා ඊළග ණය වාරිකය පවා අවධානම් තත්වයකට වැටී ඇති මොහොතක, මුල්‍ය අරමුදලේ දර්ශක වල අනුව රට හැසීරීම පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තෝරා ගනිමින්, සැබෑ තත්වයට පිළියම් යොදන ලෙස අප ඉල්ලා සිටිමු.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
0773077717

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...