කොළඹ වරාය නගරයේ යටිතල පහසුකම් වල සැලකිය යුතු ප්‍රගතියක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස වෙන් කිරීමත් සමඟ, යටිතල පහසුකම් සංවර්ධනය ඇතුලු ඉංජිනේරු කාර්‍යන්හි සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව, ව්‍යාපාරිකයින්ට තම කටයුතු බාධාවකින් තොරව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සහය වීමට බලය ලත් ආයෝජන පහසුකම් සපයන්නෙකු වන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පවසයි.

මෙම විශේෂ ආර්ථික කලාපය (SEZ) සැලසුම් කර ඇත්තේ දකුණු ආසියාවේ ඇති උසස්ම සහ කීර්තිමත්, තිරසාර අයුරින් ක්‍රියාත්මක වන යටිතල පහසුකම් සහ උසස් තත්ත්වයේ වාණිජ, විනෝදාස්වාදය, වෛද්‍ය, අධ්‍යාපනය සහ ජීවන රටාවක් සහිත කලාපයක් ලෙසිනි.

ඒ අනුව මෙහි යටිතල පහසුකම් සහ ඉංජිනේරු කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඇති කරමින්, මහල් නිවාස අයිතිය සහ කළමනාකරණය සම්භන්ධ රෙගුලාසි කෙටුම්පත් කර, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.

තවද, ස්ථානීය පරීක්‍ෂණ ගණනාවක් ද සිදු කර ඇති අතර, පළමු අදියරේදී හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධන ගැටලුවලට විසඳුම් ලබා දෙමින් සමස්ත සංවර්ධනය ඉහළ නංවා ඇති අතර, II අදියර සඳහා මග සැලසීමට මෙම ක්‍රමෝපායන් භාවිතා කරනු ඇත.

තිරසාරත්වය සඳහා කැප වූ නවීන, තාක්‍ෂණ කේන්ද්‍රීය සංවර්ධනයක් ලෙස, වසර තුළදී කොළඹ වරාය නගරය තුළ ප්‍රධාන ආර්ථික ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇත.

තවද, ස්මාර්ට් නගර සංවර්ධනය ඇතුළු තාක්‍ෂණය ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් උපදෙස් දීමට, තොරතුරු තාක්ෂණ/තාක්ෂණ ප්‍රධානීන්, කොමිෂන් සභා නිලධාරීන් සහ කොළඹ වරාය නගර නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක්ද පිහිටුවන ලදී.

මීට අමතරව , තොරතුරු ආශ්‍රිත තීක්ෂණ බුද්ධිය, තාක්‍ෂණික නවෝත්පාදනය, තිරසාර වර්ධනය සහ ඩිජිටල් තොරතුරු පිළිබඳ සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා Mastercard සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත.

තීරු බදු රහිත අලෙවි කටයුතු ආරම්භ වන විට එයට යොමුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා තීරුබදු රහිත තොරතුරු පද්ධතියක් ද ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතර, පාර්ශවකරුවන්ට සහ අමුත්තන්ට ප්‍රවේශ්‍යතාව සහ පහසුව වැඩි දියුණු කරමින් කොමිෂන් සභාව විසින් සිය නිල වෙබ් අඩවිය සහ ජංගම යෙදුම් ද දියත් කර ඇත.

කොළඹ වරාය නගරය තුළ ආර්ථික වර්ධනය, නවෝත්පාදන සහ ගැලපෙන ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම සඳහා කොමිෂන් සභාවේ නොසැලෙන කැපවීම මෙම ජයග්‍රහණ තුළ ගැබ්ව ඇත.

ශුභවාදී අනාගත දැක්මක් සහිතව, 2023 වසරේ මෙතෙක් ස්ථාපිත කර ඇති සාර්ථකත්වයේ පදනම මත ගොඩනැගෙන මෙම නව්‍යතා සියල්ල මෙම වසරේ ඉතිරි කාලය තුළ සහ එළැඹෙන වසර තුළ කොළඹ වරාය නගරයෙහි අඛණ්ඩ වර්ධනයක් බලාපොරොත්තු වේ.

මේ අනුව කොළඹ වරාය නගරය යනු, ආයෝජකයින් හට ලෝකයට පිවිසිය හැකි දකුණු ආසියාවේ ව්‍යාපාරික දොරටුව ලෙස හැඳින්විය හැක.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත් වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන...

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...