Breaking News: කුසල් මෙණ්ඩිස්ගෙන් නායකත්වයේ ඉණිමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවත්වෙන පෙර පුහුණුවීම් තරගයේදී නිත්‍ය නායක දසුන් ශානක විවේක ගන්වා කුසල් මෙණ්ඩිස්ට නායකත්වය පවරා තිබිණ.කුසල් මෙණ්ඩිස්ට කාසියේ වාසිය ජය ගැනීමට නොහැකි වුව ද,පිතිකරුවෙකු ලෙස පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔහු පන්දු 87 දී නොදැවී ලකුණු 158 ක් ලබා සිටියදී සිය ඉණිම අත් හිටුවිය.කුසල්ගේ ඉණිම නිසා ඇෆ්ගනිස්තානයට එරෙහිව සිය පන්දු වාර 50 නිමා වෙද්දී ශ්‍රී ලංකාවට ලකුණු 294 ක් රැස් කර ගැනීමට හැකි විය.

කුසල් සිය ලකුණු 158 වෙනුවෙන් හතරේ පහර 19 ක් සහ හයේ පහර 9 ක් එල්ල කරනු ලැබීය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...

වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී උතුරු, නැගෙනහිර...

අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය දෙන්නේ කුඹුරු ඉඩම්වලට විතරයි. හේන්වලට නෑ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල අතිරේක භෝග හේන්වල වගාකිරීමේදී පොහොර සහනාධාරය...