*
Friday, May 3, 2024
spot_img

Latest Posts

උතුරු පළාතේ නීතිඥවරුන් අද (03) වර්ජනයක

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය. ඒ මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා වෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙසත් ඉල්ලමිනි.

යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන් හි නීතිඥයවරු එලෙස නඩු කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වූ අතර, නීතිඥයවරුන් නඩු කටයුතුවලින් ඉවත්වීම නිසා උතුරු පළාතේ අධිකරණයන් හි දෛනික කටයුතු අඩාලවීම හේතුවෙන් පැමිණි පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර නීතිඥයන් නොමැතිවීම හේතුවෙන් අධිකරණයන් හි නඩු විභාග කල්දැමීම පමණක් එහිදී සිදු වූ බවයි වාර්තා වන්නේ.

මුලතිව් නීතීඥයවරුන්ගේ සංගමය පවසන්නේ, ටි.සරවණරාජා මහෙස්ත්‍රාත්වරයාට එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට අදාල පුද්ගලයන්හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලන බවත්, විසඳුමක් ලැබෙනතුරු තමන් අඛණ්ඩව අධිකරණ කටයුතු වර්ජනයේ නිරතවන බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan