මැලේරියාවට එරෙහිව ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් තවත් එන්නතක්!

Date:

කොළඹ LNW:මැලේරියාවට එරෙහිව භාවිත කළ හැකි ඉතා ලාභදායී එන්නතක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවීමට සමත්ව ඇති වාර්තා වෙයි.

ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියද තිබෙන බව සඳහන්.

ඒ අනුව මැලේරියාවට එරෙහිව මෙතෙක් නිපදවා ඇති දෙවැනි එන්නත එය බව දැක්වෙයි.

පසුගිය 2021 වසරේදී මැලේරියා රෝගීන් මිලියන 247ක් හමුවී ඇති අතර ඉන් 619,000ක් මියගොස් ඇති අතර එම මියගිය අය අතුරින් බහුතරයක් කුඩා ළමුන් බව වාර්තා වල දැක්වෙයි.

වාර්ෂිකව ඉතා විශාල පිරිසක් මැලේරියා වසංගතයට ගොදුරු වන අතර ඉන් බහුතරයක් ළමුන් සහ බිළිඳුන් බවට හඳුනාගෙන ඇත.

මැලේරියාව ළමුන්ට සෑදීමෙන් ඔවුන් නිරන්තර රෝගී වීම, නීරක්තිය, ශරීර වර්ධනය අඩුවීම සහ මානසික බලපෑම් පවා ඇතිවිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...