අමාත්‍යාංශයට ආයෙ යන්න බලාපොරොත්තුවක් නෑ කොහොමත් – ලන්සා (VIDEO)

0
895

ආණ්ඩුව තුළ මේ වනවිට අර්බුදකාරී තත්වයක පසුවන නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (17) දිනයේදී මේ සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.

හිරු රූපවාහිනී නාලිකාව කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා පවසා තිබුණේ තමන් කළකිරීමෙන් සිටින බවත් නැවතත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයට යෑමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් ය.

“කළකිරීමෙන් තමයි ඉන්නෙ. හැබැයි මං ඒ පිළිබඳව ප්‍රකාශයක් පසුවට කරන්නයි ඉන්නෙ. ජනාධිපතිතුමාත් හම්බුණාට පස්සෙ කතා කරන්න තමයි මං ඉන්නෙ”

ප්‍රශ්නය – ඔබතුමා අමාත්‍යාංශයෙන් බඩුත් අයින් කරන් කියලා තියෙනවා, ඒක ඇත්තද ?

“ඔව්, ඔව්. ඒක ඇත්ත, ඒක ඇත්ත. අමාත්‍යාංශයට ආයෙ යන්න බලාපොරොත්තුවක් නෑ කොහොමත්”

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here