මේ රටට ගැලපෙන්නේ ජේ.ආර් සංකල්පයයි – රවී කරුණානායක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ සංකල්පය අපේ රටට වඩාත් ගැලපෙන බවත්, 1977 දී එතුමා විවෘත ආර්ථික සංකල්පය හරහා රට ලෝකයට එකතු කළේ නවීකරණයක් සිදු කිරීම සඳහා බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ලෝකයේ හැම තැනම සංවෘත ආර්ථිකය කඩා වැටී තිබුණ අවස්ථාවක දී එතුමා විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් රට ලෝකයට එකතු කර සංවර්ධනය කරමින් ඉදිරියටම ගෙන ගිය බව හිටපු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

ඒ බව පැහැදිලි කරන රවී කරුණානායක මහතා,

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙවර කියා තිබෙන්නේ ද, ඒ අය අවුරුදු ගණනාවක් තිස්සේ කියා සිටී ආකාරයටම මේ රටට මුල්‍ය විනයක් අවශ්‍ය වන අතර සියලු දෙනා ඊට සහය ලබා දීම අවශ්‍ය බවයි. මේ මොහොතේ අප කළ යුත්තේ බදු ගෙවන ජනතාවගේ පරාසය වැඩි කිරීමයි. බදු ගෙවන්නන්ගේ පරාසය වැඩි කරනවා කියන්නේ බදු ගෙවන පුද්ගලයාගෙන් තව තවත් බදු අය කර ගැනීම නොව බදු ගෙවන පුද්ගලයින්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමයි.

මගේ විග්‍රහයේ හැටියට පළමු අදියරයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අපේ යම් දුර්වලතාවයක් පෙනී ගොස් තිබෙන නමුත් මේ දුර්වලතාවයන් අපට සුද්දාම කියන්න අවශ්‍ය නැහැ. රටක් ලෙස අප යම් අවස්ථාවක දී බදු ලිපි ගොනු ප්‍රමාණය අඩු කළා. එසේ නම් මේ මොහොතේ කළ යුත්තේ ඒ බදු ලිපි ගොනු ප්‍රමාණය යළි වැඩි කර ඒ ඔස්සේ බදු වැඩි වැඩියෙන් එකතු කිරීමයි. රටේ ශීඝ්‍ර සංවර්ධන සඳහා හැකි තරම් ඉක්මනින් එම බදු ලිපි ගොනු ප්‍රමාණය වැඩි කළ යුතුයි.

2015 දී අප ආරම්භ කළ ඒ ගමන නොකඩවා ඉදිරියට ගෙන ගියා නම් මේ රට කවදාවත් බංකොලොත්භාවයට පත් වෙන්නේ නැහැ. බදු ගෙවන ප්‍රමාණය ද වැඩි වී රට ද සංවර්ධනය වෙනවා. බදු බර වැඩි කිරීම රටට-ජනතාවට ඔරොත්තු දෙන්නේ නැහැ. අප කළ යුත්තේ බදු ගෙවන වපසරිය වැඩි කර දරා ගත හැකි බද්දක් මිනිස්සුන්ගෙන් අය කිරීමයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වා කියා අපට ජනතාව මත පනවා ඇති බදු 50%කින් හෝ 60%කින් කිසිසේත් වැඩි කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. මිනිස්සුන්ට ගෙවන්න පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. සාධාරණ විය යුතුයි. ඒ වගේම සියලු දෙනා මීට දායකත්වය දිය යුතුයි.

සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින්ට බදු ගෙවිය හැකි සීමාවක් තිබෙනවා. පොලී අනුපාතිකය විශාල ලෙස වැඩි කිරීම මේ අයට දරා ගත නොහැකි වී තිබෙනවා. මේ සියල්ල ප්‍රායෝගික විය යුතුයි. මේ ප්‍රශ්නය සකච්ඡා කර විසඳන්නේ කෙසේ ද කියා රජයේ නිලධාරීන් දැන ගත යුතුයි. අපට රුපියල් 100ක් උපයා ගැනීමට අවශ්‍ය නම් ඒ ඉපයීම කළ යුත්තේ කෙසේද කියා අප දැන ගත යුතුයි. ඒ ගැන අපට සුද්දා කියන්න අවශ්‍ය නැහැ.

දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ සංකල්පය තමයි අපේ රටට ඔබින්නේ…1977 දී එතුමා විවෘත ආර්ථික සංකල්පය හරහා රට ලෝකයට එකතු කළේ නවීකරණයක් සිදු කිරීම සඳහායි. ලෝකයේ හැම තැනම සංවෘත ආර්ථිකය කඩා වැටී තිබුණ අවස්ථාවක දී එතුමා විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් රට ලෝකයට එකතු කර සංවර්ධනය කරමින් ඉදිරියටම ගෙන ගියා”

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, එජාප උතුරු කොළඹ දේශපාලන කාර්යාලයේ ඊයේ (04) පැවති තරුණ ක්‍රියාකාරීන්ගේ රැස්වීමකදීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...