මහ වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු යළි විවෘත වෙයි.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

දෙදිනක් පුරා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ පැවැති පැහැබර කාලගුණය නිමා කරමින් අද අලුයම සිට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොල්ගොල්ල ජල හැරවුමේ වේල්ලක් විවෘත කිරීමට එහි කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය කටයුතු යොදා තිබේ.

ඒ අනුව අද උදෑසන එක් වාන් දොරටුවක් අගල් 12 බැගින් විවෘත කොට ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 1030ක ජල ධාරිතාවයක් පහළ වික්ටෝරියා ජලාශයට මුදා හැරේ.

දිවයින පුරා වැසි ඇද හැලෙන නමුත් මධ්‍යම කඳුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් මේ දක්වා පහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අද නිකුත් කළ දත්ත වාර්තාමේ සඳහන්ය.

කියුබික් ඝන මීටර් මිලියන 801ක උපරිම ජල ධාරිතාවයකින් යුතු රන්දෙණිගල ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව 11.4%ක් වන අතර වික්ටෝරියා ජලාශයේ වත්මන් ජල ධාරිතාව 29.8%කි. රන්ටැඹේ ජලාශයේ ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් 27.1%ක් වන අතර කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව අද වාර්තාවී ඇත්තේ 63.9%ක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...