චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අපේ ජනබල පක්ෂයේ නායකයාගෙනුත් ප්‍රශ්න කරයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් තුනක් හරහා පරීක්ෂණ පැවැත්වෙනවා. මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා පුද්ගලයන් පැමිණි වාහනය හඳුනා ගනිමින් සිටින අතර අදාල වාහනය ගමන් කළ ප්‍රදේශ පිළිබඳව CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන තිබෙනවා.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපේ ජනබල පක්ෂයේ නායක සමන්ත පෙරේරා මහතා අද (18) පිළියන්දල පොලීසිය වෙත කැඳවා තිබෙනවා.

ප්‍රහාරයට දින කිහිපයකට පෙර චමුදිත සමරවික්‍රම මහතා අපේ ජනබල පක්ෂයේ නායකයා සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ නිසා ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධතාවයක් තිබෙන්නේද යන්න පිළිබඳව පොලිස් කණ්ඩායම් විමර්ශනය කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...