Sunday, March 26, 2023
spot_img

Latest Posts

පූජිතත් නිදොස් කොට නිදහස්

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි. ඒ නීතිපතිවරයා විසිනි.

අද පෙරවරුවේ හේමසිරි ප්‍රනාන්දු මහතාද නිදොස් කොට නිදහස් කළේය.

මෙම නඩුවල සාක්ෂි ඉදිරිපත්ව තිබුණු ආකාරය අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර මහතා සියලු චෝදනාවලින් නිදහස් වනු ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙරම වාර්තා කළෙමු.

සබැඳි පුවත් –

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම : හේමසිරි සහ පූජිත් නඩුවලින් නිදහස් වන ලකුණු !

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.