රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් නැහැ – කාදිනල් හිමි

Date:

වත්මන් රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (19) ”තිත” නමින් පාස්කු ප්‍රහාරයට අදාළ සියලු කොමිෂන් සභා වාර්තා සමීක්ෂණය කර ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම මඟින් සම්පාදනය කරන ලද කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

කිසියම් හෝ දිනෙක වත්මන් රජය නොමැතිව වෙනත් රජයකින් හෝ මෙයට යුක්තිය ඉටුවන්නේ නම් එය සිදුවෙන තුරු බලහිඳින බවයි උන්වහන්සේ කියාසිටියේ.

”මේ රජය දුන්න පොරොන්දු එකක්වත් ඉෂ්ට කරලා නැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම මේ කාරණාව සම්බන්ධව පැහැදිලිව දැනගෙන හිටපු එය වළක්වන්න මොනවත් නොකරපු රාජ්‍ය නායකයෝ සහ උසස් බුද්ධි අංශවල නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ආරක්ෂා කරලා ඔවුන්ට උසස් වීම් ලබාදීලා. කවදාහරි දවසක අපිත් නැතුව මේ රජයේ නායකයොත් නැතුව ඉස්සරහට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපට ඉෂ්ට වෙනවා නම් එය එදාට සිදුවෙනකම් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපට තියෙන්නේ. දැන් තියෙන රජය ගැන හෝ දැන් තියෙන නීතිපති දෙපාර්තමේන්තුව ගැන හෝ කිසිදු විශ්වාසයක් අපට තබන්නට බැරි බව දැන් පැහැදිලිව පෙනෙනවා.”

නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා යුක්තිය ඉෂ්ට නොවන තත්ත්වයකට පත්ව ඇති බවයි කාදිනල් හිමිපාණන් වහන්සේ තවදුරටත් සඳහන් කළේ.

”ජනාධිපති කොමිෂන් සභාවේ දුන්න සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා තියෙනවා. ඒ වෙළුම් කිහිපය ඉල්ලා ලිපි යවල තියෙනවා. ඒ පිළිබඳව අපව දැනුවත් කරන්න කියල තියෙනවා. ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව ඒ සාක්ෂි සඟවා තැබීමට ඉස්සෙල්ලා හිටපු රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා. දැන් සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා යුක්තිය ඉෂ්ට නොවන තත්ත්වයකට පත්වීමයි. ඒ ගැන අපි ඇත්ත වශයෙන්ම බලවත් සේ කණගාටු වෙනවා. මේ නීතියේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම විහිලුවක තත්ත්වයට පත්කරලා තියෙනවා දැන් ඉන්න රජය. ඒක මම කෙළින්ම ඒ අයට චෝදනා කරනවා.” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...