පෑන් ඇමෙරිකා ටේබල් ටෙනිස් පිටියේ ලාංකික දියණියන්ගෙන් ඉහළ දස්කම්

Date:

ඇමෙරිකාව නියෝජනය කරමින් කොළොම්ඹියාවේ පැවති අවුරුදු 11 න් පහළ සහ අවුරුදු 13 න් පහළ පෑන් ඇමෙරිකානු මේස පන්දු තරගාවලියේදී සූරතාවය දිනා ගත් අමෙරිකානු කණ්ඩායමේ කැපී පෙනෙන තරු යුගලයක් වන්නට ශ්‍රී ලංකේය සම්භවයක් ඇති ටාෂියා පියදාස සහ ටියානා පියදාසට හැකි විය.හිටපු ජාතික මේස පන්දු සූරයෙක් වන තිළිණ පියදාසගේ සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ මේස පන්දු ක්‍රීඩිකාවක වන රිෆ්කා කාමිල්ගේ ආදරණීය දියණියන් දෙදෙනා වන ටාෂියා සහ ටියානා මේ වන විටත් ඇමෙරිකාව නියෝජනය කරමින් එරටට ජයග්‍රහණ ගෙනෙන ක්‍රීඩිකාවන්ව සිටින අතර ඔව්හූ ඇමෙරිකානු මතු බලාපොරොත්තු සපිරි මේස පන්දු සංචිතයට ඇතුළත්ව සිටිති.

පෑන් ඇමෙරිකානු තරගාවලියේදී කැපී පෙණුන ටාෂියා විසින් අවුරුදු 13 න් පහළ තරගවලදි බාලිකා කේවල,මිශ්‍ර යුගල සහ කණ්ඩායම් ඉසව්වෙන් ඇමෙරිකාවට රන් පදක්කම් දිනා දුන්නාය.එසේම ඇය බාලිකා යුගල තරගයේ ලෝකඩ පදක්කම ඇමෙරිකාවට දිනා දීමට ද දායක වූවාය.ටියානා අවුරුදු 11 න් පහළ තරගවලට සහභගි වෙමින් එම කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා දුන් කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළාය.එසේම එසේම ඇය බාලිකා යුගල තරගයේදී රිදි පදක්කමක් දිනා දෙන්නට දායකත්වය දුන්නාය.ඇමෙරිකාව මේ තරගාවලියේ දිනූ ලෝකඩ පදක්කම් අතරට අවුරුදු 11 න් පහළ මිශ්‍ර යුගල තරගයෙන් සහ බාලිකා කේවල තරගයෙන් ලැබුණු පදක්කම් ඉදිරියේද ටියානාගේ නම ලියැවි තිබිණි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනතුරට පත් එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මඟින් 242ක් රැගෙන...

බන්ධනාගාර ක්ලීන් කිරීම අරඹයි! ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැන විමර්ශන!

කොළඹ LNW:දිවයින පුරා තිබෙන සියළුම බන්ධනාගාර පරිපාලනය කරනු ලබන...

“Child First” නමින් නව ව්‍යාපෘතියක් : මෙරට දරුවන් වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : ළමා හිංසන, ළමා...