අපේක්ෂා කරන සේවය ඉටු නොකර නිලධාරීන් ගැන විමසිල්ලෙන් – මහනුවර දිසාපති කියයි

Date:

සටහන –නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
මනා මහජන මෙහෙවරක් ඉටු කරන රජයේ නිලධාරීන් ඇගයීම සිදුකරන අයුරින්ම සේවය පැහැර හරින නිලධාරීන් පිළිබඳව තමන් විමසිලිමත් වන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයට ජයග්‍රහණ රැසක් ලබාදීමට ආර්ථීක සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් වැනි වෘත්තිකයන් ක්‍රියාකළත් ඇතැම් පිරිස් තමන්ගේ මූලික රජකාරියවත් ඉටු නොකරන බව ඒ මහතා කීවේය.

සංවර්ධන නිලධාරී කාර්යාල කළමණාකරණ තරඟයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට පත් පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිල්ලංග වසමේ ආර්ථීක සංවර්ධන නිලධාරී තමරමාලී සෙනෙවිරත්න මහත්මිය ඇගයීම නිමිත්තෙන් අද (17) එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවූ දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කීවේය.

සංවර්ධන නිලධාරී කාර්යාල කළමණාකරණ තරඟයේදි ඉහළ ලකුණු ලබා ගත් පිරිස් මේ අයුරින් සම්මාන ලබද්දී මූලික ලකුණු මට්ටමවත් ලබා ගැනීමට නොහැකි නිලධාරීන් ද සිටින බව පෙන්වා දුන් ඒ මහතා එවැනි නිලධාරින්ගේ රාජකාරි පිළිබදව දැඩි විමසිලිමත් වන බව කීවේය. සේවය ඉටු නොකර නිලධාරීන් සඳහා ඉදිරියේදී සුදුසු පියවර ගැනිමට සිදුවනු ඇතැයි ද ඒ මහතා අවධාරණය කළේය.

ආර්ථික අර්බුදය හා අභියෝග හමුවේ බොහෝ ආර්ථික සංවර්ධන නිලධාරීන් සිය වසම මනා ලෙස කළමණාකරණ කර ගත් බවත් මහජනයා සවිබල ගැන්වීම සඳහා ඔවුන් දායක වූ බව ද ඒ මහතා කීවේය. අද සම්මාන ලැබූ තමරමාලී සෙනෙවිරත්න මහත්මිය සිය රාජකාරී උපරිමයෙන් ඉටු කිරීමට අමතරව ආර්ථීක දුබලකම් සහිත පුද්ගලයන් සඳහා සිය පෞද්ගලික පරිත්‍යාග කර ඇති බව ද ඒ මහතා කීවේය.
1187ක් වන ග්‍රාම නිලධාරී වසම් අතුරින් වැඩි ප්‍රමාණයක් මුදල වැය නොවන ව්‍යාපෘති හදුන්වා දුන් වසම් බවට පත් කිරීමට මෙම නිලධාරීන්ට හැකි වූ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. උපාධිධාරීන් උගත් දෙය මහජනයා වෙනුවෙන් යළි දායාද කිරීම ආදර්ශයක් යැයි කී ඒ මහතා එවැනි ආදර්ශමත් නිලධාරීන් සඳහා ස්ථානමාරු ඉල්ලුම් කිරීමේ දී ප්‍රමුඛතාව ලබා දීමට පියවර ගන්නා බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

සංවර්ධන නිලධාරී කාර්යාල කළමණාකරණ තරඟයෙන් දෙවැනි ස්ථානයට පත් තමරමාලී සෙනෙවිරත්න මහත්මිය, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා අතින් උපහාර සම්මානයෙන් පිදුම් ලද අතර එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මනා ලෙස රාජකාරී සිදුකළ ආර්ථික සංවර්ධන නිලධාරීන් කිහිපදෙනෙකු තිළිණ ලැබීම ද එහිදී සිදුවිය.
මහනුවර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර මහත්මිය, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂීලා වීරකෝන් මහත්මිය ඇතුලු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...