ඊශ්‍රායල – පලස්තීන ගැටුම් සමඟ රන් මිලත් ඉහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට රන් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදුව ඇති අතර, පසුගිය සතියේ දී විදේශීය වෙළෙඳපොළේ රත්‍රං මිල කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දේශීය රත්‍රං මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් මේ සඳහා ඍජුව බලපා ඇතැයි විශ්ලේශකයෝ පෙන්වා දෙති.

විදේශීය වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් ඩොලර් 1,820 සිට ඩොලර් 1,925ක් දක්වා ඩොලර් සියයකට වැඩි අගයකින් මෙම සතිය තුළ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව බලන කළ පසුගිය සතියට සාපෙක්ෂව මෙරට වෙළෙඳපොළ තුළ රන් පවුමක මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය සඳහන් කරයි.

එම මිල උච්ඡාවචනයත් සමඟ කැරට් 24ක රන් පවුමක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 173,000ක පමණ මිලකට බව ද එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...