*
Monday, April 28, 2025
spot_img

Latest Posts

මේ තත්පරයට විසදුම සෙවීම මිස, සුදු තවරා ගත් ශුද්ධවන්තයන්ගේ බණ ඇසීම විසඳුම නොවේ

මේ මොහොතේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් බවට මිනිස්සුන්ට ඇති ජීවත්වීමේ ප්‍රශ්න වෙනුවට ධනිෂ්ක ගුණතිලක නිදහස් වීම කරළියට එමින් ඇත.ඇත්තටම ඔහු අධිකරණයෙන් නිදහස් වුණේ කොණ්ඩමයට පිං සිඳුවන්නටය.අප දන්නා පරිදි තරග සංචාරයකදී අවශ්‍යය පරිදි කණ්ඩායමෙන් බැහැර ගොස් කොණ්ඩම පැළද කාන්තාවන් සමඟ ඇසුරු කිරීමට අවසර දී නැත.කොණ්ඩමයක් ඇත්නම් ගැටළුවක් නැහැ යනුවෙන් අධිකරණය හමුවට එන ප්‍රශ්නය නිදහස් කිරිමට හේතුවක් වුව ද අධිකරණයේ කණ්ඩායම් විනය සම්බන්ධයෙන් නඩුවක් නොතිබිණ.

දැන් මේ ධනිෂ්කගේ කොණ්ඩමයෙන් විසදී ඇත්තේ ලංකාවද ඒ කොණ්ඩමයම පැළඳ ගෙන සිටින නිසාය.අවසානයට ධනිෂ්ක පැළද සිටින කොණ්ඩමය ලිංගිකව එකතුවීමකට පමණක් නොව තවත් බොහෝ කාරණාවලින් ආරක්ෂා විය හැකි එකක් ලෙස ඉතිහාසයට එකතු වෙමින් ඇත.

සමහර මාධ්‍ය පෙරහැරේ ගොස් සුද්දියකගෙන් අතවර චෝදනා එල්ල වී සුදු උසාවියකින් නිදහස් වී එන වීර කළු සිංහලයා පිළිගන්න ගුවන් තොටුපළටම ගොස් මයික් අල්ලා සිටි අයුරු අපි දුටිමු.ක්‍රිකට් ආයතනය නිවැරදි කරන්නට පෙර මාධ්‍ය ඔහු වීරයෙක් කළ බවය ඇත්ත.ඒ වීරත්වය ඉහළ පිළිගැනීමක් සහිතව සමාජ ගත කිරිම ද යම් ආකාරයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ධනිෂ්ක නිදහස් කිරීම අවුලක් නැති වැඩක් යැයි හැඟෙන්නට හේතු වන්නට ඇත.
මේ අතර ධනිෂ්කගේ වැරදි අස්සේ අතීත සුද්ධවන්තයන් ද විනය ගැන පම්පෝරි පෙරහැරක් අරඹන්න කසය අතට ගෙන සිටින බවක් පෙනෙන්නට ඇත.එයනම් විමසා බැලිය යුතු තත්ත්වයක්ය.එක දෙයක් පැහැදිළිව පිළිගත යුතුව ඇත.ධනිෂ්ක හසු වී ඇති බවය.ඔහු එවැනි ගමණක් යන්නේ තිබුණු ලිහිල් වාතාවරණය මැද්දේය.ඒ වාතාවරණය ඔහු පමණක් ප්‍රයෝජනයට ගත් එකක් ද?

මේ වර්ථමානයේ මෙන්ම සැතපුම් ගණන් වාහන පදවමින් දුර ගෙවාගෙන පැමිණ තරගය දවසේ කණ්ඩායමට එක්ව පෙළහර පෑ පිතිකරුවන් සිය ජිවන අත්දැකීම් විස්තර කරද්දී එවා පවසයි.ඒවා අපිද රහ කරන්නෙමු.හේතුව ඒ ඉණිමේ විශිෂ්ඨත්වයය.නමුත් කුමන හෝ අනතුරක් වී තිබුණේ නම් ඉතිහාසයේ කතා කරන්නට වෙන්නෙ එම ලකුණු ගණන ගැන නොවේය.

එසේම ධනිෂ්ක පැටලුණු ආකාරයටම ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලැබුණු දරුවාගේ අයිතිය අපේ ක්‍රිකට් ක්‍රිඩකයෙක්ට භාර ගන්න සිදු විය.ඒ විදයාත්මක සාක්ෂි පදනම් කරගෙනය.ඒ අතින් බලනකොට ධනිෂ්කගේ කොණ්ඩමය වැදගත්ය.එසේම වත්මන් තේරීම් කමිටු සභාපතිවරයා සහ ඔහුගේ සහයක ආරම්භක පන්දු යවන්නාට එවකට කණ්ඩායම් නායකයා තරගයට පෙර දින රැයේ උපක්‍රමයක් හැටියට පෙවූ ආකාරය ද දිනෙක එම ක්‍රීඩකයෙක්ම පවසනු ඇසිණි.මේ නායකයාගේ කාමරයේ ඒ බෝතලය තබාගෙන ඉන්න ඇත්තේ සමහර විට ලස්සනට විය හැකිද?
සමහර ක්‍රීඩකයින්ට හැසිරීම හොඳ නිසා සමහර රටවල්වලට වීසා නොදෙන තත්ත්වයක්ද ඇත.ඒ තරම් රස ඉතිහාසයක් ඇති අපේ ක්‍රිකට් හැසිරීම්වලින් ධනිෂ්කව තෝරා බේරා ගෙන ඔහුට ගල් ගසා මරා දමන්නට අවශ්‍යය බව කීමම වැරදිය.එහෙත් ඔහු වරදක් නොකළ බව එයින් හැඟවෙන්නේ නැත.කළ වරදට දඬුවම් නොදිය යුතුය යන්නද එයින් හැඟවෙන්නේ නැත.

අප කතා කරන්නේ ශුද්ධ වූ ඉතිහාසයක් සහ පාරිශුද්ධ මිනිසුන් ඉතිහාසයේ සිටිය බව කියමින් නොවේය. මෙවැනි දේ සිදුවීම පැවත එන දේ ය.එහෙත් මේ වන විට ඇති සමාජ මාධ්‍ය ජාලාවන් හී පැතිරීම නිසා කරුණු ඉක්මණින් විසිර යන්නේය.සැඟවී වැඩ කරන්නට අපහසුය.ඒ නිසා මේ මොහොතේ දී වඩාත් වැදගත් අදාළ සිදුවීම එහිදී ක්‍රිකට් ආයතනයේ හැසිරිම ගැන කියන තැන සිට ප්‍රශ්නය කතා කිරීමය.ක්‍රිකට් ආයතනයට වැරදියි කියා හඬ නඟන්නට මාධ්‍යයවලටද පහසු නැත්තේ ඔවුන් ධනිෂ්ක පිළිගන්න සහ එම ප්‍රවෘත්ති සිය මාධ්‍යවල පළ කළ අයුරෙන්ය.ධනිෂ්ක වීරයෙක් ලෙස සමාජයට දනවන්නට ගත්තේ මාධ්‍යය.එම නිසා සමාජයේම කොටසක් වන ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ද එය බලපෑමක් වන්නට පුළුවන්ය.ඒ බලපෑම ක්‍රිකට්වලට තමන්ගේ සාමාන්‍ය අවශ්‍යයතාවය අනුව වැඩ කරන්නට අවසර දීමක් විය හැකිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ නිදහස් තීරණය පස්සට ඇඳ යම් කිසි කාලයකට ක්‍රිකට් පිටිය තහනම් කිරීම සහ ධනිෂ්කගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්තිනාමයට සිදු වූ හානියට වන්දිය හෝ දඩයක් අය කර ගැනීම අවශ්‍යය කාරණයකි.එම කාරණය ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා ගනු ලබන තීරණයක් විය යුතුය.එසේ නොවී ක්‍රිකට් වැටීම ගැන,ක්‍රිකට් විනය ගැන,කෑම බීම සහ නිදාගැනීම ගැන මහා විශාල පරමාදර්ශි සමයක් අප සතුව තිබෙන බව කියමින් ජ්‍යෙෂ්ඨයන් හැසිරෙන්නට යාමේදී අවදිවන ඉතිහාසය,සටහනේ ඉහළින් ලියා තැබූ සිදුවීම් මෙන්ම 1996 ලෝක සූර ශ්‍රී ලංකාව 1999 ලෝක සූරතාවලිය වන විට කුමන තත්ත්වයකට පත් වී සිටියේද යන්නත් විමසා බැලිය යුතුය.එවරත් ලෝක සූරයෝ පළමු වටයෙන්ම පරාජය වී ආපසු ආහ.
ඉස්සරනම් මෙහෙම නැහැ මරු ටීම් එකක් වගේම අරයා මෙයා කියමින් සුදු පාටට පෙන්නන්න හදන ඇතැම් චරිතත් සුදට පේන්නට ගාගෙන ඉන්නා චරිත විය හැකිය.යාන්තමට ඉතිහාසය හූරා බැලුවොත් ධනිෂ්ක ගොස් තිබෙන්නේ අලුතෙන් මඟ එළි කරගෙන පාරක් කපා ගෙන නොව තිබුණ පාරක බව දකින්නට ලැබෙනු ඇත.හැබැයි එසේ කියා ඉස්සර කරපු වැරදිම අපිටත් කරන්න පුළුවන් යනුවෙන් ක්‍රිකට් ආයතනයට සිතන්නට හෝ වැඩ කරන්නට නොහැකිය.

ධනිෂ්කට ක්‍රිකට් ආයතනයේ සහ කණ්ඩායමේ විනය පද්ධතිය පසාරු වන්නට ඇනීමට කිණිස්සක් දෙන්න එපා යන්න අපේ මැදිහත්වීමේ ඉල්ලීමය.ධනිෂ්ක පැළදි කොණ්ඩමයෙන් පිටතට වෙන්නට ඇති විනය කැඩීම ගැන සුළු හෝ දඬුවමක් නොදෙන්නේනම් එය මිනිසුන්ගේ පිළිකුලට ක්‍රිකට් ලක්වීමට හේතුවක් වනු ඇත. තව දුරටත් ඉදිරියට ක්‍රීඩකයන්ට වැරදි කරන්නට ඇති ඉඩ පළල් කර දීමක් ද විය හැකිය.මෙය පසුව සංචාරයකට එකතු වන විට ක්‍රිඩකයින්ට කොණ්ඩම් සැපයීමේ සම්ප්‍රදායක් දක්වා පුළුල් වන්නටත් ඉල්ලීම් ගලා එන්නටත් හේතුවක් වන්නටත් ඉඩ ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan