ආයෙත් සැරයක් ඉඟුරු දී මිරිස් ගන්න පුළුවන් ද

Date:

නෙදර්ලන්ත ශ්‍රී ලංකා තරගය -ලෝක කුසලාන තරගාවලිය තුළ සිඳුවන හමුවීම පාදක කරගෙන ලියූ සටහනකි.

අපට ලන්දේසි නුහුරු නැත.අද ද අපි සිංහල ලෙස වහරන ඇතැම් පද ලන්දේසි උරුමය.අපි තවමත් ගෙදර සොල්දරේ උඩ පරිස්සමට බඩු තියන,කාමරේ අල්මාරි කණ්නාඩියෙන් හැඩ බලන සහ ඉස්තෝප්පුවේ ඉදගෙන රට තොට ගැන දැන ගන්න ටීවී බලන උදවියය.
ඔක්කොටම වඩා අපි ඉගෙන ගන්න ස්කෝලේ වගේම අපි ක්‍රිකට් ගහන ස්කෝලෙ ලංකාවට ලන්දේසින්ගෙන් ලැබුණ දායාදයකි.පාසල් අධ්‍යාපනයේ ආරම්භය වගේම නාගරික සැළසුම්,සුවිසල් ගොඩනැඟිළි හා සබැඳි ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම දැඩි පරිපාලනමය නීති සංග්‍රහයක් ද ලන්දේසින් අප මත මුදා හැරියහ.ඇත්තටම කිව්වොත් අපි අදටත් බොහෝ දේවල් කරන්නේ රෝම ලන්දේසි නීතියට යටත්වය.16බ වන සියවසේ පැමිණ ගිය ලන්දේසින්ගේ නීතියේ වැඩිපුර ප්‍රමාණයක් අපිට ඉතුරුව ඇත්තේ අපේ රටට අවශ්‍යය පරිදි රටේ අනන්‍යතාවයන්ට සුරක්ෂිතභවක් ඇති වන පරිදි නීති පද්ධතියක් සැකසීමට එතරම් උනන්දුවක් ගෙන නොමැති බැවින්ය.
අලුතෙන් එම නීති වෙනස්කම් වලදි අපි දේශපාලන බලය තහවුරු කරන ව්‍යාපෘති බවට පත් කර ගත හැකි ආගම,ජාතිය වැනි කරුණු නීතිවලට ඇතුළත් කරන්න අාශිර්වාද දී වැළඳගෙන සිටියත්,ලන්දේසීන් මේ රටට එන විට ද ආගමික භක්තිය ව්‍යාප්ත කර එය පාලකයගේ ආනුභාවය යටතේ වහලුන් සකසා ගැනීමට යොදා ගෙන ඇති බව පැහැදීළිය.එහි ඉහළටම යමින් මුද්‍රණ කර්මාන්තයට පවා ඉහළින සම්බන්ධ වුණ ලන්දේසි දස පනත වැනි ආගමික කෘතීන් ද තමන්ගේ පාලනයට දේවත්වයෙන් සළකා ගරු කරන මිනිසුන් සකස් කර ගැනීම පිණිස යොදා ගත්තේය.
නාවික කේෂ්ත්‍රය දියුණුවීම සමඟම ඇරඹි දියුණු රටවල් දිළිදු සහ කුඩා රටවල භවභෝග මංකොල්ල කෑම ටිකක් යහපත් කර, යටත් කර ගැනීම ලෙස හඳුන්වයි.එම යටත් කර ගැනීමට වඩාත් පහසු මාර්ගයක් ලෙස ආගම යොදා ගත් බව ඉතිහාසයේ පවා පැවසෙයි.ශ්‍රී ලංකාවේ රජවරුන්ට මෙන්ම අද ද පාලකයන්ට ස්තෝත්‍ර කියන්න පූජකයන් පන්සල් ප්‍රමුඛ සියලු ආගමික ස්ථානවලින් එකතු වන ආකාරයටම එම ආක්‍රඹණ සමඟද ඇදහිම්වලට බලහත්කාරයෙන් ඈදා ගැනීම් මෙන්ම,පාලකයාට ආශිර්වාද කරන පල්ලිය සහ දේවගැතිවරයා ද මංකොල්ලකරුවා සමඟම පැමිණ ඇත.


ශ්‍රී ලංකාව මත යම් ආකාරයකට වහල් සේවයක් ඇති කරන අතරේම ඔවුන් පාසල් පද්ධති ඇති කරමින් අධ්‍යාපනයද ව්‍යාපත කරන්න උථ්සාහ ගත්තේය.එසේම භාණ්ඩ ප්‍රවාහනය ඔවුන් තදින්ම අවධානය යොමු කළ පැත්තකි.ඒ වෙනුවෙන් තැණුන ඇල මාර්ග හරහා වරායට භාණ්ඩ ප්‍රවාහනයට හදපු හැමිල්ටන් ඇල වැනි දේ අද ද ඉතිහාසයට එකතු වෙන්නේ සුවිසාල ජල මාර්ගයක් ලෙසය.


මේ සියල්ල ඉතා සූක්ෂමව රටේ ධනය සූරා නෑම කෙරෙහි යොදා ගත් ඕලන්දකාරයන් අන්දවන්නට අපහසු කොටසක් විය.අද තරගයේදී ඒ දේ පමණක් මතක තබාගෙන වැඩ කිරීම යහපත්ය.කිසිවක් දෙවියන් නොදෙනු ඇත.අපට සමහර දේව නිකායන් සහ පල්ලි සකසා දුන්නේද ලන්දේසීන්ය.ඒ නිසා ඒ විශ්වාසය වෙනුවට වඩාත් ප්‍රායෝගිකව විද්‍යාත්මකව තරගය ගැන අධ්‍යයනයකින් කටයුතු කිරීම වැදගත්ය.
ඔවුන් දැඩි සුපරික්ෂාවක් ඇති විමසුමක් සහිත මිනිස්සුය.ජානමය වශයෙන් ඒ අනන්‍යතාවය මෙන්ම ආක්‍රමණය ඔවුන්ට හුරු වන්නේම ලේ වලින්ය.අපි ද ඔවුන්ගේ ආක්‍රමණයේ ගොදුරුය.අදටත් අප කරන,හිතන සහ හිටින තැන් සමහර විට ලන්දේසිය.ඒ බස කළ ආක්‍රමණය දැන් අපේ වී ඇත.මේවා තරගයට හරි වැදගත්ය.අපිට පහසුවෙන් රවට්ටනට බැරිකම ඔවුන් ආක්‍රමණයේ පළමු පියවරේම ඔප්පු කර පෙන්වා ඇත.ඒ නිසා ඉඟුරු දී මිරිස් ගැනීම ඉතිහාසයට සීමා කර තබා,කල්පනාවෙන් හැසිරීම වටින්නේය.


අපට ඔවුන් අන්දන්නට නොහැකි වුවාට ඉතිහාසයේ සිටම ඔවුන් සතු ජානවලින් අපිව හොඳටම අන්දා ඇත.ඒ නිසා හෙට දවස පහසු නැත.හෙට සියල්ලෝම වීඩියෝ ගේම් වෙනුවට ක්‍රිකට් ගේමට සූදානම් විය යුතුය.දකුණු අප්‍රිකාවට ලන්දේසි බලකොටුව අස්සේ දාගෙන තලපු ආකාරයට තලන්න දෙන්න හෝ පෙලන්න දෙන්න ඉඩ නොතබා කටයුතු කිරීම වැදගත්ය.ඔවුන්ගේ අතට තරගය පාලනයට ඉඩ දුන්නොත් එය හරිම අමිහිරි වනු ඇත.ඔවුන් පාලනයේදී ප්‍රතිවාදියාට තදින්ම පහර දෙන පිරිසක්ය.


දහසය වන සියවසේ සිට ශ්‍රී ලංකාවට ඉංග්‍රීසින්ගේ පැමිණීම වෙන තෙක් ඒ දරුණු ක්‍රමවේද මඟින් ඔවුන් මේ රටේ වටිනාකම් සහ මිනිස් ශ්‍රමය පැහැරගෙන ගොස් ඇති ආකාරයට හොඳම පිළිතුර දෙන්නනම් ක්‍රීඩකයින්ට වීඩියෝ ගේම් එකකට වඩා දැණුමක් තිබිය යුතුය.විශේෂයෙන් තමන්ගේ ප්‍රතිවාදියා ගැනය.කුරුදු ගස් අස්සේ ලේ වැටුණු,දහදිය වැටුණු මිනිස්සුන්ගේ පස්වන හයවන පරම්පරාව ලෙස හෙට ලන්දේසි කණ්ඩායම ඉදිරියේ සිට ගන්න මුණුපුරන්ට ඒ ලේ කඳුළු වෙනුවෙන් ඇති වගකීම අමතක කරන්නට නොහැකිය.
සාහිත්‍යය,ඉතිහාසය,දේශාලනය මෙන්ම සංස්කෘතිකය වැනි කාරණා ඔස්සේ තමන් නියෝජනය කරන්නේ කවුද යන්න මේ මොහොතටත්,ඉතිහාසයටත් අදාළව කියවීමක් තිබෙනවානම් විදේශ ආක්‍රමණයන් හිඟ නැති රටක් වෙන ලංකාවේ තමන්ගේ මුතුන් මිත්තන් කොයි තරම් රටට වැඩක් කරන්න මහන්සි වෙන්න ඇද්ද යන්න වටහා ගනු අපහසු නැත.


ඒ වද විදපු මුතුන් මිත්තන්ගේ දරු මුණුපුරන් හැටියට,ඒ වද කරපු උන්ගෙ මුණු පුරන්ට ආයෙ ඉතිහාසයේ අවස්ථාවක් වද කරන්න උදාකර දෙනවද?
ශ්‍රී ලංකා කණ්ඩායමේ හැම ක්‍රීඩකයෙක්ටම එහෙම අදහසක් තියෙනවනම් පරම්පරා සූරා කෑමට එරෙහිව පන්දුවත් පිත්තත් මෙහෙයවනු නිසැකය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...