මෙහෙම ගියොත් බේකරි පවත්වාගෙන යන්න බැහැ – සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමස්ත ලංකා බේකරි හිමියන් සංගමය අනතුරු ඇගවීමක් කර ඇත. ඒ ඉදිරියේ දී ඉන්ධන ගෑස් හෝ විදුලි ගාස්තු තවදුරටත් ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වන බව පවසමිණි.

එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ මෙවන් අදහසක්,

”අපි සාමාන්‍යයෙන් මිල වැඩි කිරීමක් කරන්නේ, ලංකාවේ තිරිඟු පිටි මිල වැඩි වුණොත් පමණයි. තිරිඟු පිටි මිලේ කිසිම වෙනසක් වුණේ නැහැ. නමුත් මේ කර්මාන්තයට අවශ්‍ය කරන සියලුම දේවල්වල මිල ඉහළ යනවා.

දෙසැරයක් ගෑස් මිල වැඩි වුණා. ඉන්ධන මිල දෙපාරක් විතර වැඩි වුණා. විදුලි බිල සියයට 200කින් විතර වැඩි වෙලා තියෙනවා. දැන් තුන් වැනි පාරටත් ඊයේ විදුලි බිල වැඩි වෙලා තියෙනවා. නමුත් අපි කිසිම වැඩි කිරීමක් සිදු කළේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ බදු ප්‍රතිපත්තිය ඉතාමත්ම අසාධාණ ලෙස බේකරි හිමියන්ට බලපාලා තියෙනවා.

පාන්ගෙඩියට සියයට දෙකහමාරක් ගෙවන්න ඕනේ. පාන් හැර සියලුම බේකරි නිෂ්පාදනවලට සියයට 17.5ක් ගෙවන්න ඕනේ. ආණ්ඩුවට මේ ගෙවීම කීයටවත් සිදු කරන්න බැහැ. මේ ගෙවීම කළොත් මේ බේකරි පවත්වාගෙන යන්නත් බැහැ. පාරිභෝගික ජනතාවට දරාගත හොහැකි මට්ටමක තමයි බේකරි නිෂ්පාදනවල මිල අද වෙනකොට පවතින්නේ.

ඒක නිසා අපි තීරණය කළා ඊයේ විදුලි බල වැඩි වුණාට කිසිම වැඩි කිරීමක් කරන්නේ නැහැ. හැබැයි අපි රජයට රතු එළියක් දල්වනවා මේ වෙලාවේ මින් ඉදිරියට ගෑස් හරි ඩීසල් හරි ලයිට් බිල හරි වැඩි වුණොත් අපිට අනිවාර්යෙන් මිල වැඩි කිරීමක් කරන්න සිදු වෙනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...