රනිත්මාගේ ගමන නිමා වෙයි.

සිඩ්නි ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී රනිත්මා ලියනගේ පරාජය විය.එහිදී ඇය පරාජය වුණේ නවසීලන්ත ක්‍රීඩිකා සුවන්නා ලී ට ය.ඇය මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 200 වන ස්ථානයේ පසුවන අතර රනිත්මා සිටින්නේ 311 වන තැනයි.

විනාඩි 33 ක් පුරා ඇඳුණු රනික්මා සහ ලී අතර වූ තරගයේදී ලී ලකුණු 21 – 12 සහ 21 – 17 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තාය.නමුත් රනිත්මා ජාත්‍යන්තර තරග අත්දැකීම් සමඟ ලී අභිබවා යා හැකි මට්ටමට ඉක්මණින් ළගා විය හැකි තවමත් 16 හැවිරිදි ක්‍රිඩිකාවකි.311 වන ස්ථානය බොහෝ විට මේ තරගයෙන් පසුව වෙනස් විය හැකි අතර ඇය මේ පරාජයට පැමිණියේ තරග 2 ක් ජයගෙන සුපිරි අට දෙනා අතර වටයට පිවිසි පසුවය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...