පුහුණූව ලබන ආධුනික ශිල්පීන්ගෙන් ආයතනයට සිදුවන හානි සම්න්ධයෙන් නව රක්ෂණාවරණයක්

සටහන –නදීක දයා බණ්ඩාර

මහනුවර(LNW) – සේවා අයතනයක් තුළදී පුහුණුව ලබන ආධුනිකයන් අතින් ආයතනයේ උපකරණවලට සිදුවන අලාභ හානි වෙනුවෙන් නව රක්ෂණාවරණයක් ලබාදීමට ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සැලසුම් කොට තිබේ.

ඒ අනුව සේවා යෝජකයන්ගේ උපකරණ, යන්ත සූත්‍ර හා මෙවලම් සඳහා නව ක්‍රමය අනුව රුපියල් ලක්ෂ පහක රක්ෂණාකරණයක් හිමිවන බව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති රුචික අමරසේකර මහතා පවසයි.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් පුහුණු පාඨමාලා නිම කොට ප්‍රායෝගික පුහුණුව ලබන සේවා ආයතනවලදී විවිධ හානි සිදුවන බැවින් මෙම තීරණයට එළෑඹි බව මහනුවර දී පැවැති උත්සවයකදී ඒ මහතා කීවේය.

පුහුණුව ලබන අවස්ථාවලදී භාණ්ඩවලට හානිවීම සාමාන්‍යයෙන් සිදුවන නමුත් එවැනි හේතු නිසා සේවා යෝජකයන්ට සිදුවන අලාභ වළක්වා ගැනීම සඳහා මෙම තීරණයට එළැඹි බව ඒ මහතා ප්‍රකාශ කළේය. සිදුවන අලාභ හේතුවෙන් වන්දි ගෙවීම සිදුවන නිසා වෘත්තිය පුහුණුව අපේක්ෂා කරන ආධුනිකයන්ට ආයතනයක් තෝරා ගැනීමේ හැකියාව ඉහළ යනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ලබන වර්ෂය වන විට රක්ෂණාවරණ ලබාදීමේ කාර්යය ක්‍රියාත්මක වන බව ද ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති රුචික අමරසේකර මහතා වැඩිදුරටත් කීවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...