පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය ගැන කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටතදී විනයානුකූලව හැසිරෙන්නේ නොමැති අවස්ථාවල ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කෙටුම්පතක් අද (23) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු කථානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම කෙටුම්පත සකස් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

“මිනිස්සු අහනවා මොකක්ද පාර්ලිමේන්තුවේ සිදුවෙන්නෙ කියලා. ගෞරවයක් නැද්ද, විනයක් නැද්ද කියලා. ඒ නිසා කරූ ජයසූරිය මැතිතුමා දැන් වෙනකොට කෙටුම්පතක් සකස් කරලා තියෙනවා එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව. ඒක මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අපි අපිව පාලනය කරගන්න ඕනෙ, නැත්නම් අනිත් අයට කියලා වැඩක් නෑ. මම කොමිසමක් පත් කරනවා. මොකක්ද ඒ කොමිසමෙන් කරන්නෙ ? ජාත්‍යන්තර ක්‍රමවේද දිහා බලලා ලංකාවේ ක්‍රමවේද ඇතිකරන්න කියලා, හිටපු අගවිනිසුරු ඩෙප් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිසම පත් කළා. මාස හයක් තියෙනවා, ලංකාවේ ඉන්න ඔක්කොම කියන දේශපාලන පක්ෂ ගැන අඩුපාඩු ඔක්කොම ගිහින් කියන්න එතෙන්ට. එතන යූඑන්පී කාරයොත් නෑ, පොහොට්ටුවෙත් නෑ, සජබෙත් නෑ”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...