සෞඛ්‍ය අංශ ජනතාවගේ සහය පතයි ! බෝවන රෝග තුනක් ගැනත් අනතුරු අඟවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අක්ෂි රෝගයක්, පාචන රෝගයක් සහ ශ්වසන අපහසුතා සහිත උණ රෝගයක් සහිත රෝග තුනක් ප්‍රදේශ කීපයකින් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මෙයට හේතුව බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙන අතර මෙම තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව සිය සෞඛ්‍ය පුරුදු පිළිබඳ ඉහළ සැලකිල්ලක් දැක්විය යුතු බව ඔවුන් පවසයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඒ පිළිබඳ කරුණු පැහැදිළි කළේය.

“මේ රෝග තුනම පාලනය කරගැනීම සඳහා පෞද්ගලික පිරිසිදුකම ඉතාම වැදගත්. ඒ වගේම පවතින ගංවතුර තත්ත්වය පහව යනවාත් එක්කම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් වාර්තා වුණා. කෙසේවෙතත් ඒ ව්‍යවසනය වළක්වා ගැනීම සඳහා මහජනතාව සම්පූර්ණයෙන් සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් ජීවිත විශාල ප්‍රමාණයක් ඉදිරියේදී පරිස්සම් කරගන්න පුළුවන් වෙයි.” ලෙස උපුල් රෝහණ මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ස්කොෂ් 2025 සැප්තැම්බර් මාසයේ 6K PSA ජාත්‍යන්තර ශූරතාවලියට සූදානම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් මගින් සංවිධානය කරනු...

වසර 21 කට පසු පොළොන්නරුව මහාධිකරණය හමුවේ අවසන් වූ ඓතිහාසික නඩු තීන්දුව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : පොළොන්නරුව මහාධිකරණය හමුවේ...

නදීශා මූලික වටයෙන්ම ඉවතට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක සූරතා මලල ක්‍රීඩා...

ජනාධිපති අරමුදලෙන් අශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : මහයියාව ප්‍රදේශයේ ආර්ථික...