වොෂින්ටන් DC බෞද්ධ විහාර කඨින පිංකම උත්සවශ්‍රීයෙන්.

පෙරහැරේ කරඬුව වැඩමවීමතානාපති මහින්දගේ සුරතින්.

අශෝක ජයතුංග
වොෂින්ටන් නුවර

වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණ.

වස් සමාදන්ව සිටි කැනඩාවේ ප්‍රධාන සංඝනායක පඤ්ඤාලෝක නාහිමි විහාරස්ථානාධිපති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක, ගේදර්ස්බර්ග් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානාධිපති, මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති මහරගම ධම්මසිරි නාහිමි , වැයිහේනේ (ගාල්ල) ධම්මසිරි නාහිමි හා වතුලියද්දේ රතනසීහ හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පිංකම පැවැත්විණ.

විශේෂ ධර්ම දේශනා, බුද්ධ පූජාව, බෞද්ධ සංස්කෘතිකාංග වලින් සැදුම්ලත් විචිත්‍ර පෙරහැරක් ද වීදි සංචාරය කල අතර ධාතුකරඬුව වැඩමවූයේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සුරතිනි. දහවල් සංඝගත දක්ෂිණාවෙන් පසු පැමිණ සිටි සියලු දෙනාට දිවා භෝජනයද පිරිනැමිණි.

වොෂින්ටන් තානාපතිතුමා හා එම කාර්ය මණ්ඩලය, මෙට්‍රොපොලිටන් හි බෞද්ධ සැදැහැවතුන් හා වියට්නාමයේ බෞද්ධයන් පිරිසක් මෙවර පිංකමට දායකත්වය හා අනුග්‍රහය දක්වා තිබේ.

රෂිකා හෙන්නායක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...