විරේන් තව පියවරක් ඉදිරියට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ ( LNW ): ඉන්ෆොසිස් ෆවුන්ඩේෂන් ඉන්දියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින විරේන් නෙත්තසිංහ තවත් පියවරක් ඉදිරියට එන්නට සමත් වෙනවා.ඒ ඔමුගේ ප්‍රතිවාදියා වූ ඉන්දියාවේ තරුන් මන්නෙප්පේලි පරාජය කරමින්.වට 2- 0 ක ජයග්‍රහණයකට හිමිකම් කියන විරේන් ලකුණු සටහන 21 – 18 සහ 21 -15 ලෙස සටහන් කර ගන්න සමත් වෙනවා.

ආශිංෂ හේරත්ට සිය දෙවන තරගයේදී ඉන්දීය ක්‍රීඩක මේරිබා ලුවාන්ග් අභිබවා යාමට නොහැකි වෙනවා.ඔහු ලකුණු 21 – 11 සහ 21 -13 ලෙස ලුවාන්ග් ඉදිරියේ පරාජයට පත් වෙනවා.

ඉන්දීය බැඩ්මින්ටන් සංස්කෘතියේ අලුත් තරු උපද්දන්නට සකස් කළ අහසක් බඳු මෙම තරගාවලියේ කැපී එම සංස්කෘතිය අභියෝග කරමින් තවමත් සජීවීව රැදී සිටීමේ භාග්‍යය උදා කර ගෙන ඇත්තේ වියට්නාමය,සිංගප්පූරුව සහ කැනඩාව නියෝජනය කරන ක්‍රීඩකයින් තිදෙනෙක් සහ විරේන් පමණයි.ඒ නිසාම මේ තරගාවලියේ ජයග්‍රහණ සඳහා ඉන්දියාවෙන් එල්ල වන අභියෝගය ගැන අවබෝධ කර ගන්නට අපහසු නැහැ.

අද පැවත්වෙන තරගවලදී තරගාවලියේ දක්ෂතා වර්ගීකරණය යටතේ හයවන තැන සිටින විරේන්ට හමුවන්නේ නව වන තැන සිටින අලාප් මිෂ්රා යි.දැවන්ත ජාත්‍යන්තර සම්බන්ධීකරණයක් සහිත සංස්කෘතියක් සහිත ඉන්දියාවේ දක්ෂයන් වැඩි පුර දෙනෙක්ට අවස්ථාව ලැබා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා ඉන්දියාව තුළ පැවත්වෙන මෙම තරගාවලිය වැදගත් වෙනවා.එවැනි පසුබිමක තරගාවලියට මුහුණ දෙන තත්ත්වයට වඩා වෙනස් විය හැකි දක්ෂතාවයන් සැඟවී සිටීම සාමාන්‍ය තත්ත්වයක් නිසා විරේන්ගේ තරගාවලියේ සිටින ශ්‍රේණියට විශාල වටිනාකමක් සහ නිත්‍ය ජයග්‍රහණ බලාපොරොත්තු වන්නට බැහැ.එහෙත් විරෙන් මේ දක්වා පැමිණි ගමණත් ඔහුගේ ජයග්‍රාහී අනාගතය පැහැදිළි කරනවා.එසේම මිශ්රා ට අද තරගයේ පහසු නොවන බවත් විරෙන්ට ජය ගැනීමට විශාල ඉඩක් තිබෙන බවත් පැහැදිළි කරනවා.

මේ වන විටත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 80 වන තැන සිටින විරේන් එළැඹෙන ඔලිම්පික් තරගාවලියට පිවිසීමේ දොරකඩම සිටින ක්‍රීඩකයෙක්.ඒ තත්ත්වය රැක ගැනීමට සහ ඔලිම්පික් තරගාවලියේ වෙනසක් කිරීමට විරෙන්ව ඉදිරි කාලය තුළ ජාත්‍යන්තර තරග පිටියේ ලැබෙන හැම අවස්ථාවක්ම අතිශයින් වැදගත් වන බැවින් ඔහුට අවශ්‍යය විවේකයට බාධාවක් නොවන්න ශ්‍රී ලංකා බැඩ්මින්ටන් විරේන්ව ජාත්‍යන්තර පිටියේ හැකි සෑම අවස්ථාවකම සිටුවා තැබීම අතිශයින් වැදගත් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...