ඊජිප්තුවේ අනතුරකින් 28 දෙනෙකු මිය ගොස් 60 දෙනෙකුට තුවාල!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊජිප්තුවේ බහු වාහන අනතුරකින් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මගී බස් රථයක් සහ අනෙකුත් වාහන සම්බන්ධ වන කයිරෝ සහ ඇලෙක්සැන්ඩ්‍රියාව සම්බන්ධ කරන බෙහෙයිරා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක මෙම සිදුවීම සිදුව ඇත.

එක් මෝටර් රථයකින් තෙල් කාන්දු වීම නිසා වාහන කිහිපයක් ගිනිගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් රජයේ අල්-අහ්රම් පුවත්පත වාර්තා කරයි.

මාර්ග අද්දර ගිනිබත් වූ වාහන රැසක් ගිනි නිවන භටයන් එක්ව ගින්න නිවා දමන අයුරු අන්තර්ජාලයේ සැරිසරන දර්ශනවල දැක්වේ.

තුවාලකරුවන් රෝහලට මාරු කිරීම සඳහා ගිලන්රථ එම ස්ථානයට පැමිණ තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුවට වරෙන්තු!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව...

තුන් කොන් සටනේ සියළු තරග රාවල්පිණ්ඩි වෙත – තරග ප්‍රමාණය අඩු වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: පකිස්තානයේ පැවති ආරක්ෂාව සම්බන්ධ...

මල් පාරේ හදිසි සාකච්ඡාවෙන් පසු නාමල් කියූ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ඊයේ මල්...

වතුකම්කරු වැටුප් වැඩි කිරීම ගැන නීත්‍යානුකූලභාවය තහවුරු කරන්න – සමඟිය අල්ලස් කොමිසමටත් ලියයි!

කොළඹ LNW:2026 අයවැය මඟින් වතුකම්කරුවන් වෙත වැඩිකරන ලද වැටුපේ...