බංග්ලාදේශයේ අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ජනතාව වීදි බහියි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලක්ෂයකට අධික ජනතාවක් විරෝධතාවයක නිරත වෙමින් බංග්ලාදේශයේ අගමැති Sheikh Hasina ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිදහස් හා සාධාරණ ඡන්දයකට ඉඩ දීම සඳහා අගමැති Sheikh Hasina ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් පවසා සිටින අතර, එරට ප්‍රධාන විරුද්ධ පක්ෂ දෙකක් වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ විශාලතම ඉස්ලාමීය පක්ෂය වන ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ ආධාරකරුවන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඩකා නුවරට රැස්ව මෙලෙස විරෝධතාවයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වත්මන් අගමැතිනිය වසර 15ක් බලයේ සිටින බවත්, ඇයගේ රජයට දූෂණ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද සඳහන්,

විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ, ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සඳහා අවම වශයෙන් පොලිසිය 10,000 ක් යොදවා ඇති අතර , විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරද එල්ල කර ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...