ජාතික විද්‍යා පදනම(NSF) මුල්කරගත් විදේශගත ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ජාලය(GDP) කොළඹ දී එළිදකී

Date:

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය උදෙසා වූ ජාතික විද්‍යා පදනම (NSF) මුල්කරගත් විදේශගත ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ජාලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී එළිදැක්විණි.

විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සම්බන්ධතා ජාතික සංවර්ධනයට දායක කර ගැනීම උදෙසා ජාතික විද්‍යා පදනම මඟින් මෙම නවමු මං පෙත හඳුන්වා දී තිබේ. ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් 950 කට අධික පිරිසක් මෙම ජාලය හා දැනට සම්බන්ධ වී සිටිති. මෙරට සංවර්ධනයට දායකවීම සඳහා උනන්දුවක් දක්වන ශාස්ත්‍රීය,පර්යේෂණ හා සංවර්ධන ආයතන හා කර්මාන්ත අංශයේ ඉහළ තනතුරු දරණ විදෙස්ගත ශ්‍රී ලාංකික කීර්තිමත් විද්‍යාඥයින් හා වෘත්තිකයින් සඳහා විශ්වාසනීය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක අවශ්‍යතාව ඉටුකිරීම මෙහි ප්‍රධාන අරමුණකි.

උසස් අධ්‍යාපනය හා එහි ධාරිතාවය වර්ධනය උදෙසා වැඩි අවස්ථාව ලබා දීම,අධ්‍යාපන සහයෝගීතාව හා පර්යේෂණ සහයෝගීතාව ඉහළ නැංවීම ඇතුළු පුළුල් අරමුණක් යටතේ ජාතික විද්‍යා පදනම (NSF) සහ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම ද මෙහි දී සිදුවිය.

විද්‍යා ජෝති ආචාර්ය බන්දුල විජේ (අමෙරිකාව) මහාචාර්ය ඩිලන්ත ප්‍රනාන්දු (කැනඩාව) මහාචාර්ය මොන්ටි කාසිම් (ජපානය) මහාචාර්ය ශාන්ති මෙන්ඩිස් (ස්විස්ටර්ලන්තය) මහාචාර්ය ඩිලන්ති අමරතුංග (එක්සත් රාජධානිය) මහාචාර්ය සමන් හල්ගමුගේ (ඕස්ට්‍රේලියාව) මහත්ම මහත්මීහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම උත්සවය ආමන්ත්‍රණය කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...