ක්‍රිඩා මාධ්‍යවේදියෙක්ගේ මැදිහත්වීමෙන් රත්තරන්වලට රත්තරන් මුසුවෙයි

Date:

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය, ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සහ ආසියානු ක්‍රීඩා උළෙල ත්‍රිත්වයේම රන් පදක්කම් ඇතුළුව පදක්කම් 8ක් දිනූ තරුෂි කරුණාරත්න ගේ දක්ෂතා ඇගයීමේ විශේෂ උත්සවයක් රාජා ජුවලර්ස් ආයතනයේදි පැවත් වුණා. තරුෂි කරුණාරත්න වෙනුවෙන්ම සැකසුණු විශේෂ රන් ආභරණ කට්ටලයක් සහ ඇය වෙනුවෙන් මුදල් ත්‍යාගයක් මෙන්ම ඇයගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාටත් එහිදී මුදල් ත්‍යාග පිරිනැමුණා.

මේ කටයුත්තේ මාධ්‍ය සම්බන්ධීකරණ කිරීමෙන් රාජකාරිමය වශයෙන් PR Wire ආයතනය නියෝජනය කරමින්තරුෂි කරුණාරත්න සම්බන්ධීකරණය කිරීමෙන් දායක වුණේ Supun Hettiarachchi – The Sports Lover පිටුව පවත්වාගෙන යන ක්‍රීඩා මාධ්‍යවේදී සුපුන් හෙට්ටිආරච්චියි.රත්තරන්වලට රත්තරන් මුහු කරන්නට ක්‍රීඩා මාධ්‍යවේදියෙක් විදිහට සුපුන් දැක් වූ දායකත්වය ක්‍රීඩා මාධ්‍යවේදියෙක්ට මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් කළ හැකි මැදිහත්වීම් සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් ලෙස හැඳින්විය හැකියි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...