ට්‍රැෆික් පොලිසිය දේවත්වයෙන් පුදන්න ඕනේ. අල්ලස් ගන්නෑ, බලෙන් දෙනවා – අජිත් රෝහණ (VIDEO)

ශ්‍රී ලංකාවේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ව ජනතාව විසින් දේවත්වයෙන් පිදිය යුතු බව එම අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

“මෙන්න මේක මතක තියාගන්න ඕනෙ, මම බය නැතුව කියනවා, ලංකාවේ පොලිසියේ රථවාහන රාජකාරි කරන පොලිස් නිලධාරියෙක්ගේ කාර්යභාරය දෙවියන්ගේ කාර්යභාරයටත් වඩා වැඩියි. දේවත්වයෙන් පුදන්න ඕනෙ හරිවිදියට නම්. ඒ අතරේ අතළොස්සක් ඉන්න පුළුවන්, ඒකට හේතුව මේකයි. ලෝකෙ කිසිම රටක මේ තරම් පාරේ මිනිස්සු වෙනුවෙන් කැපවෙන පොලිස් නිලධාරීන් නැහැ. ඉන්දියාවෙත් නෑ, මාලදිවයිනෙත් නෑ, ඇෆ්ගනිස්ථානෙත් නෑ, යුරෝපේ නම් කොහොමවත් නෑ. ඔය රථවාහන අංශයේ ඉන්න 8000ක් වන පොලිස් නිලධාරීන් උදේ පාන්දර 4ට ගෙදරින් එන්නෙ. පහට ඩියුටි රිපෝට් කරලා, යුනිෆෝම් ඇඳලා හය හයයි කාල වෙනකොට ඔය පාරට එනවා. ඔය කැප් එක දාගෙන සාමාන්‍ය කෙනෙක් හිටියොත් විනාඩි 15ක් ඉන්න බෑ ඔළුවෙ කැක්කුමක් එනවා. රෑ දහය එකොළහට ගෙදර යන්නෙ. මේ තරම් කැපවීමක් කරන්නෙ අපේ රථවාහන නිලධාරීන්.

ඒ අතරේ අපි දන්නවා අල්ලසට නැඹුරු වෙච්ච එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒක ඉතිං මේ සමාජයේම හැටියක්. හැබැයි අපි එකක් කරන්නෙ, එවැනි අය හඳුනාගෙන අපි ඔවුන්ගෙ වැඩතහනම් කරනවා. එක පැත්තකින් අල්ලස් කොමිසමෙන් අත් අඩංගුවට ගන්නවා, අනිත් පැත්තෙන් අපි අත් අඩංගුවට ගන්නවා.

හැබැයි තව එකක් කියන්න ඕනෙ, මේ අපේ රටේ අය දැනගන්න ඕනෙ අල්ලස් ගැනීම වගේම අල්ලස් දීමත් නීතියේ වරදක් කියලා. රථවාහන මූලස්ථානයයි අධිවේගී මාර්ග කොට්ඨාසයයි මගේ භාරයේ තියෙන්නෙ, ගොඩක් වෙලාවට ඒවායෙ ඉන්න නිලධාරීන් කියන කතාවක් තමයි හයිස්පීඩ් ගිහිල්ලා රුපියල් 1000ක් දික් කරනවාලු. ඉතිං අපේ රටේ මිනිස්සුත් ඔය කොච්චර මේවා කරත් පාරිශුද්ධත්වය කතා කළත් – ඒ අතරේ හොඳ මිනිස්සුත් ඉන්නවා – මේ අල්ලස් බලෙන් මිනිස්සුන්ට දෙන්න යනවා. ඉතිං මෙවැනි තත්වයකුත් තියෙනවා. නමුත් අල්ලස, දූෂණය අපි කිසිසේත් අනුමත කරන්නෙ නෑ. ඒ වගේ දේකට අහුවුණොත් ඒ අයට විනය පරීක්ෂණ තියලා එක එක දඬුවම් දෙන්න පුළුවන් ආයතන සංග්‍රහයෙන්, හැබැයි අපි දෙන දඬුවම තමයි සේවයෙන් පහකිරීම. අනිවාර්යයෙන් ඔවුන් සේවයෙන් පහකරනවා”

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...