ඉන්දීය මුදල් අමාත්‍යවරිය මහනුවර සංචාරයක

Date:


සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා පෙනී සිටීම සම්බන්ධයෙන් ඉන්දීය රජය දක්වන සහය අගය කරන බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහානාහිමි පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඉන්දීය රජය දක්වන සහය අගය කරන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවේ උන්වහන්සේ සඳහන් කළහ.

නිල සංචාරයක් සඳහා මහනුවරට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අස්ගිරි මහා විහාරයට පැමිණ එහිදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට ගිය අමාත්‍යවරිය එහිදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත් අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පිච්ච මල් වට්ටියක් ලබාදී ඇය පිළීගන්නා ලදි. විශේෂ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් එක් කළ ඇය සිය සංචාරය සනිටුහන් කරමින් දියවඩන නිලමේවරයා හා තිළිණ හුවමාරු කර ගත්තාය.

විෂ්ණු දේවාලයට පැමිණි අය එහිදී ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහානාහිමි බැහැ දැක සුහද පිළිසඳරත නිරතවූහ.

පවතින මෙම ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දෙමින් නිරන්තරව සහෝදර රටක් ලෙස සහයට ඉන්දියාව සිටි බවත් ඉදිරියේදීත් එම සහෝගය අපේක්ෂා කරන බවත් මහා නායක හිමි පැවසූහ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා ආගමික හා සංස්කෘතික බැඳීම තව දුරටත් වර්ධනය වීමට මෙය හේතු වනු ඇති බව උන්වහන්සේ තව දුරටත් සඳහන් කළේය.

මෙහි දී අදහස් දැක්වූ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඩොලර් මිලියන 15 ක මුදලක් විහාරස්ථාන සංවර්ධනය සඳහාත් තවත් ඩොලර් මිලියන 10 ක් විහාරස්ථාන වල සූර්ය පැනල සවි කිරිමටත් ඉන්දීය රජය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ගේ උපදෙස් මත වෙන්කර ඇතැයි පැවසුවේය.

ඊට අමතරව වතුකරයේ නිවාස 10000 ක් ඉදි කිරිමට සැළසුම් කර තිබෙන බවත් ඊට අදාළ උත්සවයකට ද ඉන්දීය මුදල් ඇමැතිවරිය සහභාගි වන බවත් කීවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා.එස්. මෙනවිය, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් එස්.සෝමරාජ් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...