ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘති කලා යැයි, පිටිදූවේ සිරිධම්ම හිමිට මල්වතු පාර්ශ්වයෙන් අවවාද!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින්, පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස සිරිධම්ම හිමිට අවවාද කර ඇති බව තොරතුරු වාර්තා වේ.

මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ අද මාධ්‍ය හමුවක දී සඳහන් කළේ, ඊයේ (31) මල්වතු මහා විහාරයට කැඳවූ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි වෙත මෙසේ අවවාද සිදු කළ බවත් උන්වහන්සේ එම අවවාද අනුශාසනා පිළිගත් බවත්ය.

අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ සඳහන් කලේ, ඉදිරියේ දී උන්වහන්සේ ගේ දේශනා ආගම දහමට අනුකූල ව සිදු කරන බවට සිරිධම්ම හිමි පොරොන්දු වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...