හෙට පොලිස්පති කවුරු වෙයිද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට (03) දිනයේ වර්තමාන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන C.D වික්‍රමරත්න මහතාට ලබා දුන් තුන්වන සේවා දිගුව අවසන් වීමට නියමිතයි.

ඊළඟ පොලිස්පතිවරයා කවුරුන් ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැති අතර , ඔහු විශ්‍රාම ගියද නව පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට නොහැකි වීම නිසා , පළමු වර ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයි.

ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් වූ අතර, එම අවස්ථාවේ දී ද පොලිස්පති ධුරය සඳහා කිසිවෙකුත් පත් නොකළේ, ඒ සඳහා පවතින තරගය නිසා බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ. පසුව C.D වික්‍රමරත්න මහතාටම යළි මාස තුනකට සේවා දිගුවක් ලබා දුන් අතර, එම දෙවන සේවා දිගුව පසුගිය මස 09 වනදා අවසන් විය.

එදින සිට සිට එම මාසයේ 13වන දින දක්වා දින හතරක් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූයේ පොලිස්පතිවරයෙකු නොමැතිවයි.

ඉන් අනතුරුවත් නව පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට අපොහොසත් වීම නිසා C.D වික්‍රමරත්න මහතාට එදින සිට යළි සති තුනක සේවා දිගුවක් ලබා දුන් අතර , එම සේවා දිගුව ද අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...