පාස්කු කොමිසමේ අවසන් වාර්තාව හා ඊට අදාල සියලු ලේඛන පාර්ලිමේන්තුවට

Date:

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සියලු වෙළුම් සහ ඊට අදාල සාක්ෂි ඇතුළු සියලු ලේඛන පාර්ලිමේන්තුව වෙත ලබා දී තිබෙනවා. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් වෙළුම් 88 කින් යුක්ත සම්පූර්ණ වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (22) බාර දී තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිෂමේ අවසන් වාර්තාව 2021 අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුවට භාර දුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ ලිපිගොනු පාර්ලිමේන්තුවට භාර දීම සිදු විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පළාත් රාජ්‍ය සේවකයින් ආපදා වෙනුවෙන් දිනක වැටුප පිරිනමයි!

කොළඹ LNW:ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක...

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ...

අධ්වේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා අයට දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : නැවතත්, අධ්වේගී ...

තවත් ද්විත්ත්ව ඝාතනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW: නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව...