දරුවන් පාසල් යැවීමත් ගැටළුවක් වෙලා! පාසල් සංවර්ධන ගාස්තු 50% කින් ඉහළ යන ලකුණු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු 50% කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව , පාසල් ප්‍රධානින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඒ, වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් බව වැඩි දුරටත් ඔවුන් සඳහන් කර ඇත.

තවදුරටත් ඔවුන් සඳහන් කරන්නේ, වාර විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පළාත් සභාවලින් මුදල් වැය කිරීම් මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර තිබෙන හෙයින්, එම මුදල් දෙමාපියන්ගෙන් අය කර ගැනීමට සිදුවන බවත් විදුලි ගාස්තු ඉහළ යාම නිසා පාසල්වලට දැරීමට සිදුවන අසීමිත මුදලද දෙමව්පියන් මත පැටවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මීට අමතරව ඉන්ධන ද ඇතුළු ඉහළ ගොස් තිබෙන වියදම් අනුව පාසල්වල ක්‍රීඩා සහ වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු අමතර මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවත්, ඒ සියලු වියදම් ඇතුළත් කිරීමට සිදුව ඇත්තේ පාසල් සංවර්ධන සමිති ගාස්තුවට බවත් පාසල් ප්‍රධානීහු කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...