බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම එළි දැක්වෙයි

Date:

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සහ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන සමාගමක් වන CITS Overseas Economic Cooperation Co. Ltd. ආයතනය සමඟ එක්ව 2022 පෙබරවාරි මස 18 වැනි දින තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම එළි දැක්වීය. මෙම ටික්ටොක් ගිණුම හරහා තානාපති කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, නිෂ්පාදන සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අදාළ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කෙරෙනු ඇත.

ටික්ටොක් යනු චීනයේ වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවකි. ලොව පුරා වෙසෙන බිලියන 2.4 ක පමණ ජනතාවක් දිනකට ටික්ටොක් වෙත ප්‍රවේශ වන අතර බිලියන 2 ක පමණ ජනතාවක් එහි ක්‍රියාකාරී පරිශීලකයන් වේ.

මෙම සමාජ මාධ්‍ය වේදිකාව එළි දක්වමින් තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ශ්‍රී ලංකාව පිළිබඳව, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සංචාරක විභවය පිළිබඳව චීන ප්‍රජාව අතර දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා මෙම ගිණුම බෙහෙවින් ඉවහල් වන බව පැවසීය. චීන සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත පැමිණීම තවදුරටත් දිරිමත් කිරීමට මෙමඟින් උපකාරී වනු ඇත. ජාතික වෙළඳ ප්‍රවර්ධනය සඳහා වන චීන මණ්ඩලයේ උප සභාපති ආචාර්ය ගාඕ ෆු මහතා ද මෙම අවස්ථාවේ දී අදහස් දැක්වීය.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම සම්බන්ධයෙන් වන සියලු වියදම් CITS Overseas Economic Cooperation Co., Ltd ආයතනය විසින් දරනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 පෙබරවාරි 22 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...